පාසල් වෑන් ගාස්තු 5% කින් වැඩි කරනවා – අන්තර් දිස්ත්‍රික් පාසල් ළමුන් ප්‍රවාහන සේවා සංගමය

184

පාසල් වෑන් රථ, බස් රථ ගාස්තුව සියයට 5 කින් ඉහළ නංවන බව සමස්ත ලංකා අන්තර් දිස්ත්‍රික් පාසල් ළමුන් ප්‍රවාහන සේවා සංගමයේ සභාපති එන්. එම්. හරිස්චන්ද්‍ර පද්මසිරි මහතා ‘දිවයින’ට ඊයේ (01 වැනිදා) පැවසීය.

ආදායම් බලපත්‍ර ගාස්තුව, දුම් සහතික ගාස්තු, රක්‍ෂණ සහතික, යෝග්‍යතා සහතික ගාස්තු වැඩිකර තිබෙන මොහොතක ඉන්ධන ගාස්තු වැඩි කිරීම දරාගත නොහැකි බවද හෙතෙම කීය.

ඉන්ධන ගාස්තු වැඩි කිරීම තුළ පාසල් වෑන් රථ, බස් රථ හිමිකරුවන් තව තවත් දැඩි අපහසුතාවයට පත්ව ඇතැයි ද හෙතෙම කීය.

පාසල් වෑන් ගාස්තුව වැඩි කිරීම තුළින් දෙමාපියන්ට සිදුවන අපහසුතාවය ගැන තම සංගමයේ කනගාටුව පළකරන බවද හෙතෙම කියා සිටියේය.

පවතින තත්ත්වය හමුවේ පාසල් වෑන් රථ කර්මාන්තයෙන් දැනටමත් සියයට 20 ක ප්‍රමාණයක් සේවාවෙන් ඉවත්වී ඇතැයිද ඒ මහතා වැඩිදුරටත් කීය.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment