පාසල් සිසුවියගේ සිරුර වයරයකින් එල්ලෙයි

919

වයරයකින් ගෙලවැලළාගෙන පාසල් සිසුවියක මියගොස් ඇති බවට ලද පැමිණිල්ලක් මත කළුතර දකුණ පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ. කළුතර බොලොස්සගම සේරුපිට ප්‍රදේශයේ පදිංචිව සිටි 14 හැවිරිදි පාසල් සිසුවියක මෙසේ මියගොස් ඇති බව පොලිසිය පවසයි. පාසල් සිසුවිය 04දා පස්වරුවේ නිවසේ සාලයේ වයරයක් ආධාරයෙන් ගෙළ වැලළාගෙන සිටිනු සහෝදරයා විසින් දැක වයරය කපා කළුතර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය පවසන අතර ඒ වන විටත් ඇය මියගොස් සිට ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. කළුතර හදිසි මරණ පරීක්ෂක දීපාල් ඖෂධරත්න මහතා විසින් මරණ පරීක්ෂණය සිදු කිරීමෙන් පසු මෘතදේහය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කළුතර නාගොඩ ශික්ෂණ රෝහලේ තැන්පත් කර තිබේ. මූලස්ථාන පොලිස් පරීක්ෂක රුවන් විජේසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් විවිධ පැමිණිලි අංශ සැරයන් එස්.ඒ.ආර්.කේ ද සිල්වා මහතා පරීක්ෂණ පවත්වයි.

වාද්දුව සුමිත් පොතුපිටිය

advertistmentadvertistment
advertistmentadvertistment