පිටිපන මාරක අනතුරෙන් පියා මරුට : දරුවාට බරපතළයි

492

හෝමාගම පොලිස් වසමට අයත් කොට්ටාව පරණ පිටිපන මාර්ගයේ දී ත්‍රිරෝද රථයක් සහ පෞද්ගලික බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදුවූ අනතුරකින් ත්‍රිරෝද රථ රියැදුරු මරුමුවට පත්වී ඔහුගේ 11 හැවිරිදි දරුවා බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

18 වැනිදා සිදුවූ මෙම අනතුරින් මියගොස් ඇත්තේ නවගමුව, දැඩිගමුව පදිංචිව සිටි 40 හැවිරිදි පුද්ගලයෙකි.

අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසයි.

බරපතළ තුවාල ලැබූ දරුවා මේ වනවිට ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව ද පොලිසිය කියයි.

මේ පිළිබඳව හෝමාගම මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක වික්‍රමරත්න මහතාගේ උපදෙස් මත රථවාහන විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක චන්ද්‍රසිරි නවගමුව පෙරේරා මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් සැරයන් රුක්ෂාන් (51587) පොලිස් කොස්තාපල් සුරංග (70328) යන නිලධාරීහු වැඩිදුර පරීක්‍ෂණ පවත්වති.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ ඇන්ටන් ප්‍රනාන්දු

advertistmentadvertistment
advertistmentadvertistment