පිළිකාවෙන් හිස කෙස් අහිමිවන කාන්තාවන්ට සොඳුරු දිරියවන්ති

538

මෙරට පිළිකා රෝගයෙන් පෙළෙන සහ සුවපත් වී ඇති කාන්තාවන් වෙනුවෙන් ස්වභාවික හිසකෙස් පළදනා පරිත්‍යාග කිරීමේ සොඳුරු දිරියවන්ති ජාතික වැඩසටහන ආරම්භ විය. මෙහි සමාරම්භක අවස්ථාව ඊයේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී සූම් තාක්ෂණය ඔස්සේ පැවැත්විණි.

රසායනික චිකිත්සා පිළිකා ප්‍රතිකාරවල අතුරු ප්‍රතිඵලයක් ලෙස අහිමිවන හිසකෙස් වෙනුවෙන්,වැඩිවන හිසකෙස් පළඳනා අවශ්‍යතාවය සපුරාලීම සහ හිසකෙස් අහිමිවීම නිසා මානසික හා සමාජ කම්පනයට පත් කාන්තාවන් දිරිමත් කිරීම අරමුණු කොටගෙන මෙම ව්‍යාපෘතිය ආරම්භ කර ඇත.

මෙරටින් වාර්ෂිකව පිළිකා රෝගීන් 30,000 ක් පමණ වාර්තා වන අතර මින් 15,500 ක් පමණ කාන්තාවන් වේ. මෙම ජාතික ව්‍යාපෘතිය වෙතින් ස්වභාවික හිසකෙස් පළදනා 6000 ක් වාර්ෂිකව පරිත්‍යාග කිරීමට අපේක්ෂා කරනු ලබයි. වැඩසටහනේ පළමු අදියරේ දී මහරගම අපේක්ෂා රෝහල, මහනුවර ජාතික රෝහල,බදුල්ල පළාත් මහ රෝහල, කරාපිටිය ශික්ෂණ රෝහල, කුරුණෑගල ශික්ෂණ රෝහල, අනුරාධපුර ශික්ෂණ රෝහල,කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලීය ශික්ෂණ රෝහල, යාපනය තෙලිප්පලෙයි මුලික රෝහල, රත්නපුර පළාත් මහ රෝහල, මඩකළපුව ශික්ෂණ රෝහල යන රෝහල්හි පිළිකා රෝගීන් වෙත මෙම ස්වභාවික හිසකෙස් පළදනා පරිත්‍යාග කිරීමට කටයුතු යොදා ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment