පෙරටුගාමීන් උසාවියට අපහාස කර ඇතිදැයි කියා විමර්ශන

150


පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයේ කි‍්‍රයාකාරීන් පිරිසක් ඊයේ කඩුවෙල මහෙස්ත‍්‍රත් අධිකරණය ඉදරිපිට විරෝධතාවක නිරත වීම සමබන්ධයෙන් කඩුවෙල පොලිසිය පුළුල් පරීක්‍ෂණයක් ආරම්භ කර තිබේ.
කඩුවෙල මහෙස්ත‍්‍රාත් අධිකරණයේ රෙජිස්ට‍්‍රාර්වරයා කඩුවෙල ොලිසියට කරන ලද පැමිණි්ලකට අනුව මෙම විමර්ෂණය ආරම්භ කළ බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්¥ව මහතා සදහන් කළේය. අධිකරණයට අපහාස කිරීම, විභාග වන නඩුවකට බලපෑම් එල්ල කිරීම සහ අධිකරණ දේපලවලට හානි කර තිබේද යන්න සොයා බලන ලෙෂ සදහන් කරමින් කඩුවෙල මහෙස්ත‍්‍රාත් අධිකරණයේ රෙජිස්ට‍්‍රාර්වරයා මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබෙන බවද ඒ මහතා පැවසීය.
මෙහිදී ඔවුන් අධිකරණ දේපලවලට හානි කර තිබේද යන්න පිළිබදවද විමර්ශන සිදු කෙරෙන බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා පැවසීය. මෙම පිරිස අධිකරණ සංවිධාන පනත, පොදු දේපල පනත සහ ලංකා දණ්ඩ නීති සංග‍්‍රහය යටතේ වන වැරදි සිදු කර තිබෙන බව අනාවරණ්‍ය වී ඇතැයිද කී පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා ඒ පිළිබද අධිකරණයට කරුණු වාර්තා කර ඔවුන් එරෙහිව දැඩිව නීතිය කි‍්‍රයාත්මක කිරීමට පියවර ගන්නා බවද ස`දහන් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment