ප‍්‍රියන්ත කුමාරගේ දේහය නිවසට රැගෙන එයි

201

පාකිස්තානයේ සියොල්කොට් නුවරදී තම සේවා ස්ථානයේ සේවකයන් පිරිසක් විසින් අමානුෂික වධහිංසාවට පත් කර ඝාතනය කළ ප‍්‍රියන්ත කුමාර දියවඩන මහතාගේ දේහය පකිස්තානයේ ලාහෝර් ගුවන් තොටුපලේ සිට කටුනායක ගුවන් තොටුපල දක්වා රැුගෙන ඒමෙන් පසු මීගමුව මහ රෝහලේ සිදුකළ අධිකරණ වෛද්‍ය පරීක්ෂණයෙන් අනතුරුව 7වනදා අලූයම 2.00ට ගණේමුල්ල පොකුණ හංදියේ පිහිටි නිවසට රැගෙන එන ලදී. දේහය පිළිබ`ද අවසන් කටයුතු 8 වන බදාදා ගණේමුල්ල පොල්හේන පොදු සූසාන භූමියේදී සිදුකිරීමට නියමිතව ඇති අතර ආගමික වතාවත්වලින් පසු සවස 3.30 අවම`ගුල් පෙරහැර නිවසින් පිටත් වීමට නියමිතව ඇත.

ප‍්‍රියන්ත කුමාරගේ දේහය නිවසට රැගෙන එයි


දේහයට අවසන් ගෞරව දැක්වීමට මහජන ආරක්ෂක අමාත්‍ය විශ‍්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර 7 වනදා දහවල් ප‍්‍රියන්ත කුමාර මහතාගේ නිවසට පැමිණ ඔහුගේ බිරිද පුතුන් දෙදෙනා මව සහ සහෝදර සහෝදරියන් මුණගැසී ශෝකය පලකරමින් මෙම අමානුෂික ඝාතනය සම්බන්ධයෙන් සාධාරණය ඉටුකරන බව පැවසීය.

කැලණිය මංගලා මදුරප්පෙරුම

advertistmentadvertistment
advertistmentadvertistment