බාල බෙහෙත් වංචාවේ විමර්ශන වෙන අතකට හැරවීමේ කුමන්ත්‍රණයක්

82

-රවි කුමුදේශ්

ප්‍රමිතියෙන් තොර ‘හියුමන් ඉමියුනොග්ලොබියුලින්’ වංචාවේ විමර්ශන වෙන අතකට හැරවීමේ කුමන්ත්‍රණයක් පවතින බව සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවි කුමුදේශ් මහතා පවසයි.

ඉමියුනොග්ලොබියුලින් ගනුදෙනුව කිසිසේත් සමාගමකට තනිවම සිදුකළ නොහැකි බවත්, එම ඖෂධය ලබා ගැනීම සඳහ ඖෂධ නියාමන අධිකාරියට බලපෑම් කළ අයගේ නම් හෙළි කිරීම සෞඛ්‍ය ලේකම්වරයාගේ වගකීමක් බවත් ඔහු පැවසීය.

එම එන්නත නිපදවීම සඳහා ලේ එකතු කරගෙන ඇත්තේ රුධිර පාරවිලයන මධ්‍යස්ථානයෙන් බවත් එසේ රුධිරය ලබාගෙන ඇත්තේ අධ්‍යයන පරීක්‍ෂණයක් කිරීමට බවට අනුමැතියකින් ද යන්න සොයා බලන ලෙසත් කුමුදේශ් මහතා ඉල්ලා සිටී. රුධිර පාලවිලයන මධ්‍යස්ථානයෙන් රුධිරය ලීටර් 150ක් මෙම ව්‍යාපාරිකයාට ලබා දී ඇති බවත් ඔහු කියා සිටියේය.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment