බැසිල්ගේ ගොට්ටෝ ‘22ට’ විරුද්ධයි – විමල් මැති සබයේදී කියයි

183

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විසි දෙවැනි සංශෝධනය ගෙන ඒමට ‘බැසිල් රාජපක්ෂවාදී ගොට්ටෝ’ විරුද්ධයි යැයි මන්ත්‍රී විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (07 දා) චෝදනා කළේය.

විසි දෙවැනි සංශෝධනයෙන් ද්විත්ව පුරවැසිභාවය සහිත පුද්ගලයන්ට මන්ත්‍රීධුර හෝ ඇමැතිධුර දැරීමට නොහැකි බවට යෝජනා කර තිබීම නිසා ඇමෙරිකාවේ සිට ‘මොළ හතානෝ’ මන්ත්‍රීවරුන් කිහිපදෙනකු මාර්ගයෙන් එම ව්‍යවස්ථා සංශෝධනය කල් දැමීමට ක්‍රියා කරන බව ද ඔහු සඳහන් කළේය.

එම ව්‍යවස්ථා සංශෝධනය විවාද කිරීම න්‍යාය පත්‍රයට ඇතුළත්ව තිබියදීත් එය සිදු නොකිරීම ගැටලුසහගත යැයි කී මන්ත්‍රීවරයා නීතිපතිවරයා කුමක් කියා සිටිය ද එම සංශෝධනය සම්මත කිරීමට කටයුතු කළයුතු යැයි ද කීය.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment