බැහැනැල්ල තොටුපළේ ඔරුව නැවතී ජනයාට හති

175

කිතුල්ගල, තැලිගම කැලණි ගඟේ බැහැනැල්ල තොටුපළේ ඇති ඔරුව දිනපතා නිසි ලෙස ගමන් නොකිරීම නිසා තමුන් දැඩි අපහසුතාවයට පත්ව ඇතැයි ප්‍රදේශයේ ජනතාව පවසති. දැරණියගල ප්‍රාදේශීය සභාව මගින් වාර්ෂිකව ටෙන්ඩර් කිරීම මගින් මෙම ඔරු සේවාව ලබාදෙයි. ටෙන්ඩරය ලබා ගත් පුද්ගලයා නිසි ලෙස සේවාවන් සැපයීමට අපොහොසත් වීම හේතුවෙන් බල්ලැහැල, බැහැනැල්ල, ඔලිගම්පල, දෙල්ගස්තැන්න, කහටපනාව, අක්කර 40 වැනි ප්‍රදේශවල පදිංචි ජනතාව මහත් පීඩාවට පත්ව සිටිති. ඔරුව නොමැති දිනවල මෙම ගම්මානවල ජනතාවට කිලෝමීටර් 3 ක් පමණ ගොස් කැලණි ගඟ හරහා ඇති ඉංගිරියාවත්ත පාලමෙන් එගොඩ වීමට සිදුව තිබේ. මෙම නිසා තැලිගම රෝහලට, උප තැපල් කාර්යාලයට ඉංගිරියාවත්ත මහා විදුහලට ගමන් කරන ජනතාව මෙන්ම පාසල් දරු දැරියෝ ද මහත් පීඩාවට ලක්ව සිටිති.

වසන්ත සමරවර්ධන – බුලත්කොහුපිටිය

advertistmentadvertistment
advertistmentadvertistment