භාවනායෝගී හිමිට පහරදුන් ධීවරයෝ දැලේ

231


ගල්ලෙනක භාවනායෝගීව සිටි බව කියන පොතුවිල් මුහුදු මහා විහාරයේ උඩලවත්තේ රත්නප්‍රිය හිමිට පහරදීමට සම්බන්ධ සැකකරුවන් 09 දෙනෙක් පොතුවිල් පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත.

මෙසේ අත්අඩංගුවටගත් 09 දෙනාම පොතුවිල් හී පදිංචි ධීවර කාර්මිකයන්ය.

මෙම පහරදීම සිදුව ඇත්තේ මෙම ධිවර කාර්මිකයින් සහ හිමිනම අතර ඇතිවුණූ බහින්බස් වීමක් දුරදිග ගොස් බව අනාවරණය වී ඇත.

ආතිමුනෙයි මදුරවේලි පිහිටි ගල් ලෙනක භාවනාකරමින් සිටියදී එම ස්ථානයට පිරිසක් තමන් වහන්සේට හබලකින් පහරදුන් බව උන්වහන්සේ පොලීසියට පැමිණිලිකර තිබුණි.

advertistmentadvertistment
advertistmentadvertistment