මහජන බැංකුව සහ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය, අපනයන ප්‍රවර්ධනයට එක්වේ

143
මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ, ප්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරී රංජිත් කොඩිතුවක්කු,

ශ්‍රී ලංකාවේ අපනයන ප්‍රවර්ධනය කිරීමට සහ අනාගත ව්‍යවසායකයින්ට ජාත්‍යන්තර අපනයන වෙළෙඳපොළට පිවිසීමට සහයෝගය පිරිනැමීමේ අරමුණින් මහජන බැංකුව සහ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) අත්වැල් බැඳ ගනී.

මෙහි සමාරම්භක වැඩසටහන පසුගියදා කොළඹ 05, මහජන බැංකුවේ මාණ්ඩලික අභ්‍යාස විද්‍යාලයේදී මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ, ප්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරී රංජිත් කොඩිතුවක්කු සහ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සහ ප්‍රධාන විධායක සුරේෂ් ඩී. ද මෙල් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

මෙහිදි ව්‍යවසායකයින් වන වෛද්‍ය ලසන්ත මලවිගේ, අනුරුද්ධ විජයරත්න සහ ඩිලන්ත මාලගමුව යන මහත්වරුන් සිය ව්‍යාපාර අත්දැකීම් සහභාගි වූ ව්‍යවසායකයින් සමඟ හුවමාරු කරගත්හ. මහජන බැංකුවේ ආයතනික බැංකු කටයුතු දෙපාර්තමේන්තුව සහ කොළඹ පිටත ප්‍රාදේශීකය එක්ව සංවිධානය කළ මෙම වැඩසටහනට නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිනි (පුද්ගල කේන්ද්‍රිය බැංකු කටයුතු) රේණුකා ජයසිංහ, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (ශාඛා කළමනාකරණ) මහින්ද ප්‍රේමනාත්, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිනි (ව්‍යවසායකත්ව බැංකු කටයුතු) ක්‍රිෂාණි නාරංගොඩ, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිනි (ආයතනික බැංකු කටයුතු) කේ. එන්. සේනාරත්න යන මහත්ම මහත්මීන්, විධායක කළමනාකාරිත්වය, කොළඹ පිටත ප්‍රාදේශීය කළමනාකර බුද්ධික රණතුංගගේ මහතා ඇතු`ඵ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ නිලධාරීන් සහ ව්‍යවසායකයින් සහභාගී වූහ.

advertistmentadvertistment
advertistmentadvertistment