මහ රැජින ඔටුනු පළඳී… එදා පත්තරෙන්

504

 දෙවැනි එළිසබෙත් මහ රැජින ඔටුනු පැළඳීම සිදුව ඇත්තේ 1953 ජුනි මස 2 වැනිදාය. එදා පුවත්පතක මුල් පිටුවේ ප‍්‍රධාන සිරස්තලයෙන් එම සිදුවීම වාර්තාකර තිබුණේ මහ රැුජින අද ඔටුනු පැළඳි යන්න සහ මෞලි මංගල පෙරහැර බලන්නට ලන්ඩනයට රොක්වූ ලක්ෂ ගණනකි. ආදි අනු සිරස්තල ද එහි වූයේය.
 
 එම පුවත ආරම්භක ෙඡ්දය වූනේ ‘මංගල රාජ්‍ය රථයෙහි නැඟි නෛකශී‍්‍රන් විරාජමානව ඔටුනු පැළඳීම අද වෙස්මිනිස්ටර් දෙව්මැඳුර කරා පිවිසෙන රැජින දැකීමට ලක්ෂ සංඛ්‍යාත ජනතාව සූදානම්ව සිටිති. අද 10.24ට එතුමිය අවුරුදු 200ක් පැරණි රාජ්‍ය රථයෙහි නැඟ එඩින්බරෝ ආදිපාදවරයා සමග ඒ ඓතිහාසික ගමන අරඹන්නීය. පුවත්පත සහ චිත‍්‍රපට ටැලිවිෂන් කැමරාකරුවෝ ස්වකීය ස්ථානවල දැනටමත් රැුඳී සිටිති. චිරාගත සම්ප‍්‍රදායානුකූලව මෞලි මංගල මහෝත්සවය සිදුකිරීමට සියල්ලන් සූදානම් හා පුරුදු පුහුණුව සිටිති.

මහ රැජින ඔටුනු පළඳී... එදා පත්තරෙන්

කැන්ටර්බරියේ ආච් බිෂොප්තුමා විසින් මෞලි මංගල්‍යය සිදුකරනු ඇත. මේ කාර්ය ද ආරාධිත අමුත්තන් ඉදිරියේ හුරුපුරුදු ලෙස කිරීමට රැුජින පුරුදු පුහුණුව ලබා සිටින්නීය. මෞලි මංගල්‍ය භාණ්ඩ මෙවර මෞලි එලෙස නිමිතිකොට ගෙන දෙවැනි එළිසබෙත් මහ රැජිනගේ හා එඩින්බරෝ ආදිපාදවරයාගේ පිළිරු සහිතව නිෂ්පාදනය කරනු ලැබූ භාණ්ඩ ලංකාවේ ද ඉතා ජනපි‍්‍රයව තිබේ. මේ භාණ්ඩ කොතරම් ජනපි‍්‍රය වූයේ ද යත් එවා වෙළෙඳාමට තැබූ නොබෝ දිනකින් විකිණී අවසන් වූ බව පෙනේ.

මහ රැජින ඔටුනු පළඳී... එදා පත්තරෙන්

මෞලි මංගල සමයට ඔබින මෝස්තර අනුව පිළියෙල කරන ලද ටයිපටි ඉනේ බඳින පටි, කුඩා ළඳරුවන්ගේ ඇඳුම්, විස්කෝතු හා චොකලට්, විශේෂ ආහාර ද සැලකිය යුතු ප‍්‍රමාණයක් මෙහි අලෙවි වී තිබේ. අනුස්මරන වස්තූන් ලෙස නිපදවන ලැබූ භාණ්ඩ අතර පිඟන්, කේප්ප, උණුවතුර බෝතල, දැලිපිහි සැට් හා බන්දේසි ආදි කලක් පාවිච්චි කළ හැකි දේවල් ද මේ අතර ඇත්තේය.’’
 
  මෞලි මංගල්‍යයෙන් පසු බැකිංහැම් මාලිගයට එතුමිය නික්මෙනු ඇත. එතුමිය එහිදී වැඩියෙන් අමතා කතා පවත්වන්නීය. ලංකාවේ ආණ්ඩුකාරතුමා මෞලි මංගල අවස්ථාවේදී රැුජින වෙත යවන ලද සංදේශය පහත පළ වේ.

‘‘ ලංකාවාසී ජනතාව මම ද ඔබ වහන්සේට සන්තෝෂය ද චිරාත් කාලයක් අප පාලනය කිරීමට ආයු සම්පත්තිය ද ලැබේවාය. මේ ඓතිහාසික අවස්ථාවේදී හෘදයාංගම ලෙස ප‍්‍රාර්ථනා කරමු’’ (එහි මුද්‍රිත භාෂාව අනුවම එලෙස සඳහන්ය)
 
 එවක විරුද්ධ පක්ෂ නායකයාව සිටි එස්. ඩබ්ලිව්. ආර්. ඞී. බණ්ඩාරනායක මහතාට විරුද්ධව ඉදිරිපත්කර තිබූ අත්තනගල්ල ඡුන්ද පෙත්සම (ඌරාපොළ ඒ. ඩබ්ලිව්. ඒ. ජී. සෙනෙවිරත්න මහතා ඉදිරිපත් කරන ලද) විභාගයට ගැනීම ඇරැුඹීම, පස්දුන් කෝරළයේ උණසන්නිපාතය පැතිරී යෑම, රැුකී රක්ෂා නැති ඔවුන් සඳහා සහනදායක වැඩපොළවල් අලූතින් ආරම්භ නොකිරීමටත් පවතින වැඩපොළවල් කිහිපයක්ම වසා දැමීමට රජය ගෙන ඇති තීරණයක් පිළිබඳ එවක කම්කරු ඇමැති ඇම්. සී. එම්. කලීල් ගේ ප‍්‍රකාශයක් ඇතුළත් වූ අතර තවත් එහි වූ වැදගත් ඡුායාරූපයක් වූයේ 1947 ජුනි මස 5 වැනිදා කොළොන්නාවේ පැවැති පෙළපාලියකදී වෙඩි පහරක් වැදි මියගිය කන්දසාමි මහතා (රජයේ ලිපිකරුවෙක්ව සිටි) වෙනුවෙන් ලහි ලහියේ ඉදිකරන ලදැයි සඳහන් ස්මාරකයේ ඡායාරූපය හා සටහනයි.

නාරද

advertistmentadvertistment
advertistmentadvertistment