මාතර නඩු භාණ්ඩ ගබඩාවෙන් බඩු පැන්නූ 6දෙනා රිමාන්ඩ්

38

මාතර මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ ගබඩාවේ තිබූ අවි ආයුධ ඇතුළු නඩු භාණ්ඩ සොරකම් කිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන රඳවා සිටි බහුකාර්ය නිලධාරීන් තිදෙනා ඇතුළු හය දෙනකු මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 15 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

අදාළ නිලධාරීන්ගෙන් හෙළි කරගත් කරුණු අනුව නඩු බඩු කාමරයේ ගෝනියක් තුළ සඟවා තිබූ ගිනි අවියක් පොලිසිය විසින් මුලින් සොයාගෙන තිබේ.

අදාළ නිලධාරීන්ගෙන් ප්‍රශ්න කිරීමේදී මේ වනවිට නඩු බඩු කාමරයෙන් සොරාගත් ගිනි අවි 5ක් පොලිසිය සොයාගෙන තිබේ.

චන්ද්‍රදාස කොඩිතුවක්කු-මාතර සහ ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment