මෙරට ධීවර කර්මාන්තය නැංවීමට ඇමෙරිකාවේ සහය

57

පවතින නීති රීතිවල අඩුපාඩු සකස්කර ධීවර පනතක් ඉතා ඉක්මණින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ධීවර ඇමැති ඩග්ලස් දේවානන්ද මහතා සඳහන් කළේය.

ධීවර අමාත්‍යාංශ කාර්යාලයේ දී ඊයේ (30 දා) ඇමරිකානු තානාපතිනි ජුලි චංග් මහත්මිය ධීවර ඇමැති ඩග්ලස් දේවානන්ද මහතා හමුවූ අවස්ථාවේ මේ බව සඳහන් කර තිබේ.

ඒ සඳහා ලෝක ආහාර සංවිධානයේ ආධාර ඇතිව නව ධීවර පනත සකස් කරගෙන යන බවත් එය ඉතා ඉක්මනින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගන්නා බවද ඇමැතිවරයා තානාපතිනියට සඳහන් කර ඇත.

නව පනත හරහා මෙරට ධීවර කර්මාන්තය ජාත්‍යන්තර මට්ටමින් සංවර්ධනය කිරීම, ධීවර කර්මාන්තය ආරක්ෂා කර ගනිමින් ඉදිරියට කටයුතු කිරීමටත් ඒ සඳහා ඇමරිකාවේ සහයෝගය බලාපොරොත්තු වන බවද ඇමැතිවරයා තානාපතිනියට පෙන්වා දී ඇත.

එහිදී ශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තය දියුණු කිරීමටත් ආර්ථික වශයෙන් සහයෝගය ලබාදීමට පියවර ගන්නා බව තානාපතිනිය ඇමතිවරයාට සඳහන් කර ඇත.

අරුණ බෝගහවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment