යාපනයේ ජනාධිපති මන්දිරය ස්ලිට් ආයතනයට පැවරීම ව්‍යවස්ථාදායක සභාව හෑල්ලු කිරීමක් – මහාචාර්ය චරිත හේරත්

423

යාපනයේ පිහිටා ඇති ජනාධිපති මන්දිරය ස්ලිට් ආයතනයට පැවරීමට ගත් තීරණයට සිය දැඩි විරෝධය දක්වන බව මහාචාර්ය චරිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (17දා) පැවසීය.

මෙය ව්‍යවස්ථාදායක සභාවේ තත්ත්වය හෑල්ලු කිරීමට විධායකය ගත් තීරණයක් ලෙස තමන් හඳුන්වන බවත් එම තීරණය මගින් පසුගිය අප්‍රේල් මස 06දා කෝප් කමිටුව ගත් තීන්දුව නොසලකා හැර ඇති බවත් හෙතෙම කීවේය.මිලියන 500ක රජයේ මුදල් වියදම් කොට මාලබේ ඉදිකරන ලද ස්ලිට් ආයතනය මේ වන විට කිසියම් පිරිසක් විසින් කොල්ලකා ඇති අතර එවැනි අවස්ථාවක එම පිරිස වෙත යාපනය ජනාධිපති මන්දිරය පැවරීම කිසිසේත් පිළිගත නොහැකි බවද මන්ත්‍රීවරයා කියා සිටියේය.

යාපනයේ ජනාධිපති මන්දිරය ස්ලිට් ආයතනයට පැවරීමට යන බවට පසුගිය සතියේ ‘දිවයින ඉරිදා සංග්‍රහය’ විසින් අනාවරණය කර තිබූ අතර එය පදනම් කර ගනිමින් චරිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ මෙම ප්‍රශ්නය මතු කළේය.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment