යාපනය මුනායිහිදී යතුරුපැදි දෙකක් මුහුණට මුහුණ ගැටී අයෙක් මරුට

52

යාපනය, මුනායි ප‍්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් එක් අයකු ජීවිතක්ෂයට පත්ව තවත් අයෙක් බරපතල තුවාල ලබා යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කොට තිබේ. යතුරුපැදි දෙකක් මුහුණට මුහුණ ගැටී මෙම අනතුර සිදුව තිබේ.

එදින රාතී‍්‍රයේ මෙම අනතුර සිදුව ඇති අතර අදාල අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ යාපනය ප‍්‍රදේශයේ වෙළඳ සලක සේවය කළ 49 හැවිරිදි සංගරපිල්ලේ නිත්‍යානන්දරාසා නැමැති අයෙකි. මෙම අනතුරින් අනෙක් යතුරුපැදියේ ගමන් ගත් විශ්වවිද්‍යාල සිසුවකු තුවාල ලබා රෝහල් ගත කොට තිබේ. අනතුර සම්බන්ධයෙන් වට්ටුක්කොට්ටෙයි පොලීසිය වැඩි දුර පරීක්ෂණ පවත්වයි.

මුලතිව් – ප‍්‍රසන්න ප‍්‍රදීප්

advertistmentadvertistment
advertistmentadvertistment