යුක්තියට දින 50 යි: අපරාධකරුවෝ 56541 ක් කොටු

44

‘යුක්තිය’ මෙහෙයුම ආරම්භ කර දින 50 ක් සම්පූර්ණ වූ ඊයේ (06දා) දිනය වන විට මත්ද්‍රව්‍ය ජාවාරම්, පාතාල ක්‍රියාකාරකම්, වරෙන්තුකරුවන් ඇතුළු විවිධ අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් 56,541 දෙනකු අත්අඩංගුවට ගෙන ඇත.

ඉකුත් දෙසැම්බර් මස 17 වැනිදා යුක්තිය මෙහෙයුම ආරම්භ කළ අතර එය දීපව්‍යාප්තව ක්‍රියාත්මක කෙරිණි. මෙම මෙහෙයුමේදී මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් පුද්ගලයන් 49,558 ක් අත්අඩංගුවට ගත් අතර අපරාධවලට සම්බන්ධ සැකකරුවන් 6983 ක් කොටුකරගෙන තිබේ.

මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ සැකකරුවන් අතරින් 1817 දෙනකු රැඳවුම් නියෝග මත රඳවාගෙන විමර්ශන සිදුකරන අතර මත්ද්‍රව්‍යවලට ඇම්බැහි වූවන් 1981 ක් පුනරුත්ථාපන කඳවුරුවලට යොමුකර ඇත.

නීති විරෝධී වත්කම් විමර්ශනය සඳහා ජාවාරම්කරුවන් 234 දෙනකු රඳවාගෙන ඇති අතර මත්ද්‍රව්‍ය නාශක අංශයේ ලැයිස්තු ගත අපරාධකරුවෝ 3053 දෙනෙක් අත්අඩංගුවට ගෙන සිටිති.

මේ අතර මෙම මෙහෙයුමේදී අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍යවල වෙළෙඳපොළ වටිනාකම රුපියල් මිලියන 7733 කි. පවරාගත් දේපළවල වටිනාකම රුපියල් මිලියන 726ක් බව පොලිසිය පවසයි.

මෙම මෙහෙයුමේදී හෙරොයින් කිලෝග්‍රෑම් 142ක් ද, අයිස් කිලෝ ග්‍රෑම් 208 ක් ද, අබිං කිලෝ ග්‍රෑම් 49 ක් ද, ගංජා කිලෝ ග්‍රෑම් 2678 ක් ඇතුළු තවත් විශාල මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන තිබෙන බවද පොලිසිය කියා සිටියි.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment