යුක්රේනය වෙනුවෙන් සටන් කිරීමට කවුරුත් නැහැ…. බටහිර රටවල තක්කඩි අපව තනිකළා!

914

යුක්රේන ජනපති නේටෝ සංවිධානයට දොස් නඟයි

යුක්රේන ජනපති සාමයට අත වනයි

යටත්වීම ප‍්‍රතික්ෂේප කළ යුක්රේන දේශ සීමා භටයන් මරා දමති

රුසියානු විශේෂ බලකායකට අයත් භටයෝ 50ක් යුක්රේනය මරා දැමෙති

කිව් අගනුවරටත් මිසයිල ප‍්‍රහාර

යුක්රේන් සිවිල් වැසියන් සහ හමුදා භටයන් 137ක් මරුට: දහස් ගණනක් තුවාල ලබති

රුසියාව කලිබාර් න්‍යෂ්ටික ප‍්‍රහාර එල්ල කරයි

ඇමෙරිකානු රජය ඩොලර් බිලියන ගණනක හමුදා ආධාර යුක්රේනයට යවයි

සීඅයිඒ ද යුද්ධයට මැදිහත් වෙයි

යුද්ධයට එරෙහි රුසියානුවෝ 1775ක් අත්අඩංගුවට

රුසියාව යුක්රේනයේ චර්නෝබිල් බලාගාරය අල්ලා ගනී

යුක්රේනය වෙනුවෙන් සටන් කිරීමට කවුරුත්  නැහැ.... බටහිර රටවල තක්කඩි අපව තනිකළා!
යුක්රේන් ආක‍්‍රමනයට විරෝධය පෑ  රුසියානු කන්තාවක් පොලිස් අත්අඩංගුවට

යුක්රේනය වෙනුවෙන් සටන් කිරීමට කිසිවෙක් ඉදිරිපත් වී නැතැයි ද සෑම දෙනා ම බියට පත් වී ඇතැයි ද යුක්රේන ජනපති වොල්ඩර්මීර් වැලෙන්ස්කි බටහිර රටවලට චෝදනා කළේය. රුසියාව සමග සටන් කිරීමට යුක්රේනයට තනිවම සිදු වී ඇතැයි ද දක්වමින් හෙතෙම නේටෝ සංවිධානයට දොස් නඟා ඇත. මේ දක්වා ම යුක්රේනය වෙනුවෙන් සටන් කිරීමට කිසිදු රටක් ඉදිරිපත් වී නැතැයි ද වැලෙන්ස්කි කියා සිටියේය. රුසියාව සහ යුක්රේනය අතර ඇති වී තිබෙන යුද්ධයෙන් ජය ගන්නේ කවුරුන්ද යන්න බටහිර රටවල් බලා සිටින බව තහවුරු වී ඇත.

යුක්රේනය වෙනුවෙන් සටන් කිරීමට කවුරුත්  නැහැ.... බටහිර රටවල තක්කඩි අපව තනිකළා!

රුසියාවේ යුද ශක්තිය මෙලෙස දැක්විය හැක.

භට සේනාව – 280,000 යුද ටැංකි 13367 කාලතුවක්කු 5934 ගුවන් හමුදාව – 165000 ප‍්‍රහාරක යානා – 1328 ප‍්‍රහාරක හෙලිකොප්ටර් 470 නාවික හමුදා 150,000 යුද නැව් 74 සබ්මැරීන් 50 අතිරේක සේනාව මිලියන 2යි යුක්රේන යුද ශක්තිය හමුදාව – භටයන් 125000 කාලතුවක්කු – 1962 සන්නද්ධ වාහන 2820

ගුවන් හමුදාව – 35000 ප‍්‍රහාරක යානා 146 ප‍්‍රහාරක හෙලිකොප්ටර් 42 නාවික හමුදාව 15000 – යුද නැව් 02

අතිරේක බළසේනාව -900,000 මේ අතර යුක්රේන ජනපති වැලෙන්ස්කි රුසියානු ජනපති පුටින්ට අනතුරු අඟවමින් ඔබලා අපට ප‍්‍රහාර එල්ල කරනවිට දකින්නේ අපේ මුහුණු මිස අපේ පසුපස නොවෙයි යැයි කියා සිටියේය. මේ වනවිට යුක්රේන හමුදාව රුසියාවේ බලගතුම ප‍්‍රහාරක හෙලිකොප්ටරය වූ කේ. ඒ. 52 ඇලිගේටර් යානා හතරක් විනාශ කර ඇත.

යුක්රේනය වෙනුවෙන් සටන් කිරීමට කවුරුත්  නැහැ.... බටහිර රටවල තක්කඩි අපව තනිකළා!

රුසියානු හමුදාව විසින් යුක්රේන ගුවන් කඳවුරු 11ක් ද විනාශ කර ඇතැයි රුසියානු බලධාරීහු හෙළි කළහ.

ඊට ප‍්‍රතිචාර ලෙස යුක්රේනය පැවසූවේ රුසියානු ප‍්‍රහාරක ජෙට් යානා හයක් ද වෙඩි තබා විනාශ කර තිබෙන බවයි.

එසේම හමුදා උපකරණ ප‍්‍රවාහනය කළ ඇන්ටනොව් 25 යානාවක් ද කඩා වැටී එහි සිටි කාර්ය මණ්ඩලය මරුමුවට පත් වී ඇත. මේ වනවිට ඇමරිකාව ඇමරිකාවේ රුසියානු නියෝජ්‍ය තානාපති සර්ජි ටෙ‍්‍රක්ලනෝව් රටින් පිටුවහල් කර ඇත. ඇමරිකානු සී අයි ඒ සංවිධානය ද රහසිගත මෙහෙයුම් මගින් ඩොලර් බිලියන ගණනක යුද ආධාර ද යුක්රේනයට යවා ඇත. ඊට අමතරව සී අයි ඒ සංවිධානය යුක්රේන විශේෂ බළකායට පුහුණුවීම් ලබාදීම අරඹා ඇත.

රුසියාව විසින් යුක්රේනය ආක‍්‍රමණය කිරීම ගැන විරෝධය පෑ රුසියානුවන් 1745ක් ද පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ. මින් 957ක් මොස්කව් විරෝධතාකරුවෝ වෙති.

යුක්රේනය වෙනුවෙන් සටන් කිරීමට කවුරුත්  නැහැ.... බටහිර රටවල තක්කඩි අපව තනිකළා!
යුක්රේනය වෙනුවෙන් සටන් කිරීමට කවුරුත්  නැහැ.... බටහිර රටවල තක්කඩි අපව තනිකළා!
යුක්රේනය වෙනුවෙන් සටන් කිරීමට කවුරුත්  නැහැ.... බටහිර රටවල තක්කඩි අපව තනිකළා!

මේ අතර යුක්රේනයේ පිහිටි චර්නෝබිල් න්‍යෂ්ටික බලාගාරය රුසියානු හමුදාව විසින් අත්පත් කරගෙන එහි සේවකයන් ප‍්‍රාණ ඇපකරුවන් ලෙස රඳවාගෙන ඇත.

මෙම බලාගාරයට හානියක් සිදු වුවොත් මුළු යුරෝපයට ම විකිරණ පැතිරෙන බවට යුක්රේන රජය අනතුරු අඟවනු ලැබීය. යුරෝපාකරය අවදානම් තත්ත්වයකට පත් කරමින් රුසියාව මේ වනවිට කලිබාර් කෘෂ් මිසයිල ප‍්‍රහාර එල්ල කර ඇතැයි වාර්තාවේ. මෙම මිසයිලවලට න්‍යෂ්ටික උපාංග සවි කළ හැකිය.

මේ පසුබිම මැද මෝල්ඩෝවා රජය ද හදිසි නීතිය රට තුළ ප‍්‍රකාශයට පත් කර ඇත. ජී. 7 කණ්ඩායම ද පැවසුවේ රුසියානු ජනපති පුටින් ලෝකයට බරපතළ තර්ජනයක් බවයි. නේටෝ සංවිධානය ද හදිසි රැස්වීමක් කැඳවා ඇති අතර මෙතෙක් යුක්රේන ආක‍්‍රමණයට එරෙහිව කිසිදු තීරණයකට අවතීර්ණ වී නැත. මේ තත්ත්වය මැද ඇමරිකානු රජය සියලූ ම රුසියානු බැංකුවලට සම්බාධක පනවනු ලැබීය.

යුක්රේන හමුදාව ද බටහිර මාධ්‍ය අමතමින් පැවසුවේ යුක්රේනයට එවා තිබූ රුසියානු හමුදා ඝාතක කණ්ඩායමක් වනසා දැමූ බවයි. යුක්රේනය මුහුණ පා සිටින අභාග්‍ය සම්පන්න තත්ත්වය ගැන ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනි බිලිනකන් හෙළි කළේ මේ සති අන්තයේදී යුක්රේනයේ කිව් අගනුවර රුසියානු හමුදාව විසින් අල්ලා ගැනීමෙන් පසු යුක්රේන රජය බිඳවැටෙන බවයි. මේ අතර ලොව තෙල් මිල ඩොලර් 105කට වඩා වැඩි වී ඇත. රුසියාවට සහාය දැක්වීමේ චෝදනාව මත ඇමෙරිකානු රජය බෙලාරුස් රාජ්‍යයට ද සම්බාධක පනවා ඇත. මේ අතර එක්සත් ජාතීන් ගේ ආරක්‍ෂක මණ්ඩලය රැස් වී යුක්රේන් ආක‍්‍රමණය හෙළා දැක ඇතත් තීරණයකට එළඹී නැත. මේ අතර යුක්රේන ජනපතිවරයා සාමයට කැමති බව ඊයේ දහවල් ප‍්‍රකාශ කර තිබිණි. හෙට කුමක් වේවිද?

කිර්ති වර්ණකුලසුරිය

advertistmentadvertistment
advertistmentadvertistment