රත්න අභ්‍යාස පොත් අලූත් හැරවුම් ලක්ෂයක් සනිටුහන් කරමින් නව වෙළෙඳ සංග‍්‍රාමය එළිදක්වයි

226

ශිල්පය පිහිටන්න යන තේමාව මත පදනම්ව රත්න අභ්‍යාස පොත් වෙතින් හැඟුම්බර පැතිකඩක් ඔස්සේ දිවෙන සිය නවතම වෙළෙඳ සංග‍්‍රාමය පසුගියදා එළිදැක්වීය.

අධ්‍යාපන ප‍්‍රකාශන මුද්‍රණ ක්ෂේත‍්‍රයේ සාඩම්බර 65-වසරක අභිමානයකට උරුමකම් කියන රත්න පොත් ප‍්‍රකාශකයෝ පුද්ගලික සමාගම මුල් කොටගෙන පසුකාලීනව ස්ථාපනය කරන්නට යෙදුනු ප‍්‍රින්ට්එක්සෙල් පුද්ගලික සමාගමේ වෙළඳ සන්නාමයක් වන රත්න අභ්‍යාස පොත්, දිවයින පුරා මෑත කාලීනව ඉතා පුළුල් බෙදාහැරීම් ජාලයක් ගොඩනගන ලදී.

ඔවුන්ගේ නවතම වෙළෙඳ සංග‍්‍රාමය අලූත්ම මුහුණුවරකින්, නව ආරකින්, හදවතට ආමන්ත‍්‍රණය කෙරෙන සංගීතමය දෘශ්‍ය කාව්‍යකින් පසුගියදා එලි දක්වනු ලැබීය. එය පදනම්ව තිබෙන්නේ එදා මෙදා තුර සියලූ ලාංකිකයින් ඉමහත් ගෞරවාදරයෙන් බුහුමන් පිදූ සුවහසක් ගුරු-පරපුරට සහ දැන උගත් පොත-පතට ගරු කරමු යන සංකල්පය මතය. ඕනෑම කෙනෙකුගේ ජීවන මඟ සාර්ථකත්වයට ගුරුවරුන් සහ පොත-පත ඉමහත් දායකත්වයක් සපයන බව නොරහසකි. එම දායකත්වය වෙනුවෙන් පිදිය යුතු නිසි ගරුත්වය ලබාදීමට නව පරපුරේ දූ-දරුවන් යොමුකිරීමට පුර්වාදර්ශයක් ලබාදීමට මෙම ශ‍්‍රව්‍ය-දෘශ්‍ය වෑයම හරහා රත්න අභ්‍යාස පොත් බලාපොරොත්තු වේ. එම මුලික පදනම මත ගොඩ නැගෙන පුළුල් ක‍්‍රියාකාරකම් ගොන්නක් සමාගම විසින් සැලසුම් කොට ඇත. යුගයේ සුවිශේෂී ගායන කෞෂල්‍යයක් හිමි වෛද්‍ය ප‍්‍රදීප් රංගනගේ හඬ මාධූර්යයෙන්, ප‍්‍රශස්ත කලාකරුවෙකු වන නිශ්ශංක දිද්දෙනියන්ගේ විශේෂ ආරාධිත රංගනයෙන් හැඩවී පාසල් දිවිය ගැන කියවෙන ඉතාම සංවේදී දෘශ්‍ය-කාව්‍ය මෙම හැරවුම් ලක්ෂය සටහන් කරයි.

ඡායාරූපය- නිශාන් එස්. ප‍්‍රියන්ත

advertistmentadvertistment
advertistmentadvertistment