රනිල් සමග කටයුතු කිරීමට  ඇමරිකාව බලා සිටිනවා – ඇමරිකානු තානාපති

497

නව අග්‍රාමාත්‍යවරයා ලෙස පත්වූ රනිල් වික්‍රමසිංහ මහතා සමඟ කටයුතු කිරීමට අපේක්ෂාවෙන් පසුවන බව ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි ජූලි චන්ග් මහත්මිය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරයි. නව අගමැතිවරයාගේ පළමු කාර්ය ලෙස සර්ව පාක්ෂික රජයක් පිහිටුවා ඒ ඔස්සේ අර්බුද විසඳා රට ස්ථාවර කිරීම වෙනු ඇතැයි අපේක්ෂා කරන බව ද ඇය සඳහන් කරයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සිදුවන ගනුදෙනු යථාවාදී ලෙස සිදුකර ශ්‍රී ලංකාවේ ජනතාව මුහුණදී සිටින ගැටලුවලට විසඳුම් ලබාදේ යැයි බලාපොරොත්තු වන බව ද ඇමරිකානු තානාපතිවරිය සිය ට්විටර් පණිවුඩය මගින් වැඩිදුරටත් පෙන්වා දී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment