රාජකීය – තෝමසුවන් ගැටෙන 143 වැනි ‘නිල් මහ සටන’ අද

140

ශ්‍රී ලංකාවේ දීර්ඝතම ඉතිහාසයක් සහිත ක්‍රිකට් තරගාවලිය වන, කොළඹ රාජකීය සහ ගල්කිස්ස ශා. තෝමස් පාසල් ද්විත්වය අතර මහාමාන්‍ය ඩී.එස්. සේනානායක අනුස්මරණ කුසලානය වෙනුවෙන් පැවැත්වෙන ‘නිල් මහා සටනේ’ 143 වැන්න අද (21) කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ.

රාජකීය - තෝමසුවන් ගැටෙන 143 වැනි 'නිල් මහ සටන' අද

143 වැනි ‘නිල් මහා සටන’ සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන ජාලය වන ඩයලොග් ආසිආටා සමාගම ප්‍රධාන අනුග්‍රාහක ශක්තිය එකතු කර තිබේ. ඒ අනුව නිල් මහ සටන සඳහා 14 වැනි වරටත් අනුග්‍රාහක ශක්තිය එකතු කරන ඩයලොග් සමාගම මෙම තරගයේදී ක්‍රීඩකයකු රැස් කරන සෑම ලකුණකටම රු.1000ක මුදලක් හා බිඳ වැටෙන සෑම කඩුල්ලක් සඳහාම රුපියල් 10,000ක මුදලක් ලබාදීමට කටයුතු යොදා තිබේ. තරගය ඩයලොග් ටී.වී.නාලිකා අංක 140 ඔස්සේ සජීව විකාශය කෙරේ.

ගල්කිස්ස ශා. තෝමස් කණ්ඩායම තුන් ඉරියව් ක්‍රීඩක රයන් ප්‍රනාන්දු විසින් මෙහෙයවන අතර, වමත් දඟපන්දු යවන්නෙකු වන ගිෂාන් බාලසූරිය විසින් රාජකීය විදුහල් කණ්ඩායම මෙහෙයවනු ලබයි. මහත් විවාදයකට ලක්වූ 1885 තරගය සමගින් නිල් මහා සටන් ඉතිහාසයේ මේ දක්වා කණ්ඩායම් දෙකම ජයග්‍රහණ 35

බැගින් වාර්තා කර ඇත. පළමු දිනයේ රාජකීය විදුහල ලකුණු 09කට සියලුදෙනා දැවීගොස්, දෙවැනි දිනයේ ක්‍රීඩාකිරීම ප්‍රතික්ෂේප කිරීමත් සමග අදාළ 1885 තරගය තමන් ජයගත් තරගයක් ලෙසින් ශා. තෝමස් විදුහලේ සමරු අතර සටහන්වද්දී එය ජය පැරදුමෙන් තොර තරගයක් ලෙස රාජකීය විදුහලේ සමරු සටහන්වල දැක්වේ. අවසන්වරට 2019 වසරේදී නිල් මහා සටනක් ජයගනිමින් මේ වන විට අදාළ කුසලානය ශා. තෝමස් විදුහල සතුව පවතී. රාජකීය පිල අවසන්වරට නිල් මහා සටනක් ජයගෙන ඇත්තේ ගීශාන්ත් පණ්ඩිතරත්නගේ නායකත්වය යටතේ 2016 වසරේදීය.

පාසල් දෙක අතර ඵමිඒබටි කුසලාන වෙනුවෙන් පැවැත්වෙන සීමිත පන්දුවාර තරගය එළැඹෙන 23 වැනිදා පැවැත්වීමට නියමිතය.

කසුන් රණවීර
 

advertistmentadvertistment
advertistmentadvertistment