රුසියානු ඇන්ටනෝව් යානාවක් කඩා වැටී 26ක් මරුට

295

රුසියාවේ ඈත පෙරදිග පිහිටි පලානා නගරය අසලදී ඇන්ටනෝව් – 26 යානාවක් කඩාවැටී 26 ක් මරුමුවට පත් වී ඇත.
 
 අධික මිදුම පවතින අවස්ථාවේ යානාව ගොඩබෑමට උත්සාහ කරන විට එකවරම කඩා වැටි තිබේ. පලානා නගරය අසල මුහුදු වෙරළේ කඳු ශිඛරයක් වෙත යානාව කඩාවැටී ඇත. මෙම යානාව 1982 සිට කි‍්‍රයාත්මක වේ. යානාව කඩාවැටී ඇති ස්ථානය වෙත යෑම දුෂ්කර බවත් හෙලිකොප්ටරයක් ගොඩබෑම ද අසිරූ බවත් රුසියානු ජීවිතාරක්ෂක නිලධාරීහු පැවසූහ. මෙම ඇන්ටනෝට් යානාවේ මගීන් 22 ක් සහ කාර්ය මණ්ඩලයේ හය දෙනකු ද සිටි බව ඔවුහු හෙළි කළහ.

advertistmentadvertistment
advertistmentadvertistment