රොෂාන් ධම්මික නැවතත් කඩුලු මතින් සුපිරි ධාවනයක; සුසන්තිකාගේ වාර්තාව අමාෂා බිඳ හෙළයි

575

රොෂාන් ධම්මික නැවතත් මීටර 110 කඩුලූ ඉසව්ව තත්පර 14 ට අඩුවෙන් නිම කරයි. (ඡායාරූපය කමල් වන්නිආරච්චි)

ඔලිම්පික් පදක්කම් ලාභී සුසන්තිකා ජයසිංහ විසින් 1994 දී ශී‍්‍ර ලංකා යුද හමුදා මළල කී‍්‍රඩා උළෙලේදී දක්වන ලද මීටර් 100 වාර්තාව බිඳ හෙළීමට අමාෂා ද සිල්වා ඊයේ (27 දා) සමත් වූවාය.

සුසන්තිකා ජයසිංහ තත්පර 11.6 කින් එවර තරගය නිමකර වාර්තාව පිහිටුවා තිබූ අතර අමාෂා ද සිල්වා තත්පර 11.67 (හෑන්ඞ් ටයිමින්) කින් තරගය නිම කරමින් එම වාර්තාව බිඳහෙළීමට සමත් වූවාය. හෑන්ඞ් ටයිමින් ඉලෙක්ට්‍රොනික් වේලාවට වඩා අඩු අගයක් ගනී.

මීට සති හතරකට පෙර ඔලිම්පික් ක‍්‍රීඩක මහේෂ් පෙරේරා සතුව තිබූ වසර 24ක් පැරණි මීටර් 110 කඩුලූ පැනීමේ ජාතික වාර්තාව තමන් සතුකරගත් රොෂාන් ධම්මික, එම දක්ෂතාවය හුදු අහම්බයක් නොවන බව සනාථ කිරීමට ඊයේ දින අවසන් වූ යුද හමුදා මලල ක‍්‍රීඩා ශූරතාවලියේදී නැවතත් සමත් විය.

ඒ මීටර් 110 කඩුලූ පැනීමේ අවසන් තරගයේදී තත්පර 13.91 ක දක්ෂතාවයක් සටහන් කරමින්. ශ‍්‍රී ලාංකීක මලල ක‍්‍රීඩා ඉතිහාසයේ ක‍්‍රීඩකයකු සුළෙඟ් ආධාරය නොමැතිව මෙම ඉසව්වේ දක්වන ලද දෙවන හොඳම දක්ෂතාවය ලෙස එම දස්කම සටහන් වන අතර එය යුද හමුදා මලල ක‍්‍රීඩා ශූරතාවලි වාර්තාවක් ලෙස ද සටහන් විය. රොෂාන් ධම්මික ශ‍්‍රී ලංකා විදුලි හා යාන්තිීක ඉංජිනේරු බලකාය නියෝජනය කරන ක‍්‍රීඩකයෙකි.

එම දස්කම දෙවනි වනුයේ ඔහු විසින්ම මීට සති හතරකට ප‍්‍රථම ජාතික ශූරතාවලියේ දී දක්වන ලද තත්පර 13.89 ක දස්කමට පමණි. එලෙසම ඊයේ දින සුළඟට විරුද්ධ (-1.9) ධාවනයක යෙදීම සහ දසවන කඩුල්ල පාදයේ වැදීම යන්න සලකා බැලීමේදී මෙම වාර්තාගත කාලය සුවිශේෂී වෙයි.

සුළෙඟ් ආධාරය නොමැතිව මෙම ඉසව්ව තත්පර 14 කට අඩුවෙන් අවසන් කිරීමට සමත්වූ එකම ශ‍්‍රී ලාංකීක ක‍්‍රීඩකයා වන්නේද ධම්මිකයි. මින් පෙර මෙම ඉසව්ව තත්පර 14 ට අඩුවෙන් නිම කිරීමට, චමින්ද ෆොන්සේකා (1998දී තත්පර 13.91 – සුළඟ +2.7), සුපුන් විරාජ් රන්දෙනිය (2016දී තත්පර 13.91, සුළඟ +2.9) සහ මහේෂ් පෙරේරා (1997දී තත්පර 13.97, සුළඟ +2.6) යන ක‍්‍රීඩකයින් සමත්වී ඇතත් ඒ සෑම දක්ෂතාවයක්ම සැලකෙනුයේ සුළෙඟ් ආධාරය ඇතිව දක්වන ලද දක්ෂතා වශයෙනි.

ඊයේ අවසන්වූ 57 වන යුද හමුදා මලල ක‍්‍රීඩා ශූරතාවලියේදී එක් ශ‍්‍රී ලංකා ජාතික වාර්තාවක් සහ ශූරතාවලි වාර්තා රැසක් බිහිවනු දක්නට ලැබුණි. ඊයේ දිනයේදී සාරංගි සිල්වා විසින් කාන්තා දුර පැනීමෙන් මීටර 6.14ක දස්කමක් දක්වමින් සහ සමිත් ප‍්‍රනාන්දු විසින් පිරිමි යගුලිය විසිකිරීමේදී මීටර 16.6 ක දක්ෂතාවයක් දක්වමින් නව තරග වාර්තා පිහිටු වූහ.

දින පහක් පුරා පැවති තරගාවලියේ පිහිටු වූ එකම ජාතික වාර්තාව වූයේ සචිනි කෞශල්‍යා පෙරේරා විසින් කාන්තා රිටි පැනීමේදී දක්වනු ලැබූ මීටර 3.6 ක දක්ෂතාවයයි.

රීමස් ප‍්‍රනාන්දු

advertistmentadvertistment
advertistmentadvertistment