ලක්ෂ 53 කට අලෙවි කිරීමට ගෙන ආ ගජමුතු පොලිස් දැලේ

122

දිවුලපිටිය පොලිස් ස්ථානයේ දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති නිහාල් මහතාට ලැබුණු තොරතුරක් මත දිවුලපිටිය නගරයේදී පුද්ගලයෙක් පරීක්ෂා කිරීමේදී ඔහු ළඟ තිබී ගජමුතු දෙකක් සොයා ගැනීමට දිවුලපිටිය පොලිසියට හැකිවිය.

මෙම සැකකරු පුද්ගලයාගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීමේදී හෙළි වී ඇත්තේ දිවුලපිටිය ප්‍රදේශයේ පුද්ගලයකුට මෙම ගජමුතු දෙක ලක්ෂ 53 ට අලෙවි කරන්න ගෙන ආ බවයි.

මෙම පුද්ගලයා රත්නපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව පොලිසිය පවසයි. මෙම සැකකරු පොලිස් ඇප මත මුදාහැරි බව පොලිසිය පවසයි.

2023-12-05 පස්වෙනි දින මිනුවන්ගොඩ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය පවසයි.
කටාන – දමිත් තිසර

advertistmentadvertistment
advertistmentadvertistment