ලොකු ලොක්කන්ගේ දරුවන්ට සුපිරි අධ්‍යාපනයක් ලබාදුන්නත් නිදහස් අධ්‍යාපනය එකතැන පල්වෙනවා- විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

106

වර්තමානයේ අධ්‍යාපනයේ බෙදීමක් ඇති බවත් සමාජ සාධාරණත්වය, යුක්තිය සම මට්ටම ගැන කතා කර අධ්‍යාපනයේ අවස්ථා දූදරුවන්ට අහිමි කර කර නිදහස් අධ්‍යාපනයේ වෙනස් නොවිය යුතු බවට පවසන ඇතැම් පුද්ගලයන්ගේ දරුවන් විදේශීය පෞද්ගලික විශ්වවිද්‍යාවලට යවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ පෙරේදා (17 වැනිදා) සක්වල වැඩසටහනේ 100 වැනි අදියර යටතේ බොරලැස්ගමුව මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ දහයක් වටිනා සුහුරු පන්ති කාමර උපකරණ ලබාදීමේ අවස්ථාවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස මහතා,

අපේ රටේ දළ දේශීය නිෂ්පාදිතයට 50%කට වැඩි ශක්තියක් ලබා දෙන්නේ බස්නාහිර පළාත වුවත් බස්නාහිර පළාතේ රජයේ පාසල්වල දරුවන් ලොව දිනන නව තාක්ෂණය ගැන ලොකු දැනීමක් නොමැති වුවත් පෞද්ගලික පාසල්වල දරුවන්ට එම දැනුම පවතින බවත් මෙම අධ්‍යාපනයේ බෙදීම නැති කළ යුතු බවත් මෙය පන්ති බෙදීමක් බවට පත්ව ඇති බවත් ලොකු ලොක්කන්ගේ දරුවන්ට සුපිරි අධ්‍යාපනයක් ලබා දුන්නත් නිදහස් අධ්‍යාපනය තවමත් එකම තැන පල්වෙමින් පවතින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සමගි ජන බලවේගය ජනතාව වෙනුවෙන් විවිධ දේවල් බෙදා දෙන්නේ ජනතාවගේ සුඛවිහරණය වෙනුවෙන් බවත් මෙසේ භාණ්ඩ ලබාදීම විවේචනය කරන්නේ ඒ සෑම දෙයක්ම ඇති පුද්ගලයන් බවත් මොවුන්ට ජන දුක නොතේරෙන බවත් ඔවුන් සුපිරි මන්දිරවල සිට මෙම සක්වල හා හුස්ම වැඩසටහන් විවේචනය කළත් මේ වැඩසටහන් කිසිදු ආකාරයකට නතර නොකරන බවත් මේ සෑම වැඩසටහනක්ම ක්‍රියාත්මක කරන්නේ විද්‍යාත්මකව දත්ත කේන්ද්‍රීයව බවත් මේ රට සුහුරු රටක් බවට පත් කිරීම සිය සිහිනය බවය.

සුහුරු පක්ෂයක් බිහි කිරීමෙන් සුහුරු රටක් බිහි කළ නොහැකි බවත් සුහුරු රටක් බිහි කළ හැක්කේ සුහුරු අධ්‍යාපනයෙන් බවත් මේ යථාර්ථය සැවොම අවබෝධ කර ගත යුතු බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ අධ්‍යාපනයේ මානව සම්පත ආරක්ෂා කිරීමේ සිට සියලු අංශවල වෙනසක් සිදුවිය යුතු බවයි.

පාසල් වලට සුහුරු පන්ති කාමර ස්මාර්ට් බෝඩ් ලබා දෙන්න රජයට මුදල් නොමැති වුවත් බලයක් නොමැති විපක්ෂය ඒ කර්තව්‍ය මේ වන විට ඉටු කර අවසන් බවත් මෙම වැඩසටහනට කුමන බාධා පැමිණියත් ඉදිරියටත් අඛණ්ඩව සිදු කරගෙන යනවා.
ඥානතිස්ස ජයවර්ධන – බොරලැස්ගමුව

advertistmentadvertistment
advertistmentadvertistment