වාර්ෂික එක් දින ගැටුමෙන් ශාන්ත සෙබස්තියන්ට ජය

77

මොරටුව කුමර විදුහල සහ මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල අතර පැවති වාර්ෂික එක්දින ක්‍රිකට් තරගයෙන් ශාන්ත සෙබස්තියන් ක්‍රීඩකයෝ ලකුණු 20ක ජයක් අත්කර ගත්හ.

කොළඹ පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී පෙරේදා (10 වැනිදා) පැවැති එම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශාන්ත සෙබස්තියන් විදුහල ලකුණු 265ක් ලබාගත් අතර වේල්ස් කුමර කණ්ඩායම ඕවර 47.3 කදී ලකුණු 245 කට දැවී ගියහ.

සෙබස්තියන් කණ්ඩායම වෙනුවෙන් දක්ෂ පිතිහරඹයක නිරත වූ ජානක සිල්වා ලකුණු 65 ක් සහ, විමත් දින්සර ලකුණු 44 ක් ලැබූහ.

පිළිතුරු ඉනිම ඇරඹූ වේල්ස් කුමර විදුහල වෙනුවෙන් රිවිත් ජයසූරිය (57) සහ රුසඳු සිල්වා (41) එක්ව පළමු කඩුල්ල සඳහා ලකුණු 98 ක සාර්ථක සම්බන්ධතාවක් පැවැත්වූහ.

නමුත් මැද පෙළ පිතිහරඹය පාලනය කරගැනීමට සෙබස්තියානු පන්දු යවන්නෝ සමත් වූයෙන් වේල්ස් කුමර විද්‍යාලයට ලකුණු 245 කින් නතරවීමට සිදුවිය. මේ අතර පසුගිය සිකුරාදා සහ සෙනසුරාදා (8 සහ 9) දිනවල මොරටුව ටිරෝන් ප්‍රනාන්දු ක්‍රීඩාංගණයේදී පැවැති 74 වැනි මොරටු රන් හටනේ ජයග්‍රහණයත් ශාන්ත සෙබස්තියන් විදුහල සතුවිය.

ලකුණු සාරාංශය

ශාන්ත සෙබස්තියන් විදුහල – ඕවර 49.2 කදී සියලු දෙනා දැවී 265

(ජානක සිල්වා 65, රයාන් දිසානායක 21, විමත් දින්සර 44, අදේශ් අල්මේදා 32, තරිඳු ඩිලංක 40, නදීශ් ප්‍රනාන්දු 26, මනූජ චන්තුක 15, උනෙත් පීරිස් 37/2, අචල පෙරේරා 48/2, සුවහස් ප්‍රනාන්දු 41/2)

වේල්ස් කුමර විදුහල – ඕවර 47.3 කදී සියලු දෙන දැවී 245

(රිවිත් ජයසූරිය 57, රූසඳු සිල්වා 41, සචිර ඩේමියන් 38, සුවහස් ප්‍රනාන්දු 14, පසන් කුරේ 13, අචල පෙරේරා 31, උනෙත් පීරිස් 30, අදේශ් අල්මේදා 61/2, මලින්ත සිල්වා 39/2, කොෂේන්ද්‍ර ප්‍රනාන්දු 39/2)

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment