වාර දෙකකින් විදුලි ගාස්තු යළි ඉහළට – කැබිනට් අනුමැතිය

198

පසුගිය කාලයේ විදුලි ගාස්තු වැඩි කළ ද එය විදුලිබල මණ්ඩලයේ පාඩුව පියවා ගැනීමට ප්‍රමාණවත් නොවන බැවින් යළි විදුලි බිල වැඩි කිරීම සඳහා කළ ඉල්ලීමට මේ වන විට කැබිනට් අනුමැතිය හිමිව ඇති බව ‘ආර්ථිකය ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍ය කාලීන වැඩසටහන් හඳුනා ගැනීම සඳහා වන ජාතික සභා අනු කමිටුවේදී’ 29 වැනිදා අනාවරණය විය.

මේ අනුව 2023 ජනවාරි සහ ජූනි මාසවලදී පියවර දෙකකින් විදුලි ගාස්තු වැඩි කිරීමට කැබිනට් අනුමැතිය හිමිවූ බව ද ඒ අනුව මහජන උපයෝගීතා කොමිසමේ අනුමැතිය සඳහා අදාළ කටයුතු සිදු කිරීමට නියමිත බව ද විදුලි බල මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරී රොහාන් සෙනෙවිරත්න මහතා පැවසීය.

පාඨලී චම්පික රණවක මහතාගේ සභාපතීත්වයෙන් පැවැති ‘ආර්ථිකය ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍ය කාලීන වැඩසටහන් හඳුනා ගැනීම සඳහා වන ජාතික සභා අනු කමිටුවේදී’ මෙම කරුණු අනාවරණය විය.

විදුලි බල ක්ෂේත්‍රයේ පවතින ගැටලු විසඳීමට අදාළ යෝජනා ලබා ගැනීම සඳහා විදුලි බල ක්ෂේත්‍රයට අදාළ රාජ්‍ය සහ පෞද්ගලික ආයතනවල නියෝජිතයන් මෙම රැස්වීමට කැඳවා තිබිණි.

දැනට පවතින පාඩුව පියවා ගැනීමට නම් විදුලි බිල 70%කින් පමණ වැඩි විය යුතු බවත් විදුලි බල මණ්ඩල නියෝජිතයෝ මෙහිදී පැවසූහ.
අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment