වැලිගමදී රුසියන් ජාතිකයෙක් මරුට

111

වැලිගම, වල්ලිවල ප්‍රදේශයේ පෞද්ගලික නවාතැන් පළක නැවතී සිටි අවුරුදු 36 ක් පමණ වයසැති අවිවාහක රුසියානු ජාතිකයකු මරණයට පත්ව ඇති බව වැලිගම පොලිසිය පවසයි.

ඉකුත් 26 දා රාත්‍රී ඔහු සිය නවාතැන් පළෙහි කාමරයට ගිය පසුව නැවත පෙරේදා (27 දා) සවස් වන තුරු එළියට නොපැමිණීම හේතුවෙන් ඔහුගේ මිත්‍රයෙකු කළ විපරමේදී එම රුසියානු ජාතිකයා ඇඳ මත උඩුබැලි අතට වැටී සිටිනු දැක නවාතැන් පළෙහි හිමිකරු දැනුවත් කර ඇත. පසුව ඔවුන් පොලිස් හදිසි ඇමතුම් අංශයට (119) මේ බව දැනුවත් කිරීමෙන් අනතුරුව වැලිගම පොලිසියේ නිලධාරින් පැමිණ කළ පරික්ෂාවේදී විදේශීය ජාතිකයා මියගොස් ඇති බවත් ඔහුගේ වම් අතෙහි ජංගම දුරකථනයක්ද තිබූ අතර කටින් සෙම වහනය වී තිබූ බව පොලිසිය ප්‍රකාශ කරයි.

මාතර පොලිස් සොකෝ අංශයේ නිලධාරීන් කැඳවීමෙන් පසු කරන ලද පරීක්ෂණවලින් අනතුරුව වැලිගම නාගරික මරණ පරීක්ෂකවරයාගේ නියමයෙන් දේහය වැඩිදුර පරීක්ෂණ සඳහා මාතර මහ රෝහලට යවා ඇත. වැලිගම පොලිසියේ මූලස්ථාන පොලිස් පරීක්ෂක ඩී. එම්. අබේසේකර මහතාගේ උපදෙස් පරිදි අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උපුල් කුමාර මහතා ඇතුළු නිලධාරින් විසින් වැඩිදුර පරීක්‍ෂණ සිදු කරයි.
මාතර අතිරේක – ලලිත් පද්මසිරි

advertistmentadvertistment
advertistmentadvertistment