වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම ඉහළට

150

ශ්‍රී ලංකා රේගුව විසින් නිකුත් කරන ලද දත්තවලට අනුව 2022 ජුනි මාසයේ දී වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 1,208.2 දක්වා සියයට 20කින් වර්ධනය වූ බව අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි.

මෙයට ප්‍රධාන වශයෙන් හේතු වූයේ ඇඟලුම්, රෙදිපිළි, රබර් ආශ්‍රිත නිෂ්පාදන, පොල් ආශ්‍රිත නිෂ්පාදන, ආහාර පාන සහ මුහුදු ආහාර අපනයන ඉපැයීම් ඉහළ යෑම බව ද එම මණ්ඩලය කියයි.

එසේම 2022 පළමු මාස හය සඳහා සේවා අපනයනවල ඇස්තමේන්තුගත වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 1,337 ක් වූ අතර එය 2021 අනුරූප කාල සීමාවට වඩා සියයට 45.72 කින් වැඩි විය. අපනයන සංවර්ධන මණ්ඩලය විසින් ඇස්තමේන්තුගත කර ඇති සේවා අපනයන තොරතුරු තාක්ෂණ, ව්‍යාපාර තත්ත්ව කළමනාකරණය, ඉදිකිරීම්, මූල්‍ය සේවා සහ ප්‍රවාහන සහ සැපයුම්වලින් සමන්විත වෙයි.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment