වෝග් ජුවලර්ස් Innovative Jeweller of the Year ජාත්‍යන්තර සම්මානයෙන් පිදුම් ලබයි

103
Retail Jeweller World Dubai විසින් පිරිනමන ලද Innovative Diamond Jeweller of the Year සම්මානය වෝග් ජුවලර්ස්හි අධ්‍යක්‍ෂ අනුරාධ හේමචන්ද්‍ර මහතා (වමේ සිට දෙවැනි) විසින් ලබාගත් අවස්ථාව. පවන් කුමාර මහතා සභාපති Suntech Business Solutions චිරාග් සෝනි මහතා, අධ්‍යක්‍ෂක Solitaire Gemmological Laboratories සහ වෝග් ජුවලර්ස්හි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී, නන්දන හේරත් මහතාද පසෙකින් සිටී.

අනර්ඝතම දියමන්ති ඇල්ලූ ස්වර්ණාභරණ සඳහා කීර්ති නාමයක් දිනා ඇති ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ස්වර්ණාභරණ සමාගම වන වෝග් ජුවලර්ස්, නොබෝදා ඩුබායිහි Retail Jeweller World Dubai Awards 2022 අන්තර් ජාතික සම්මාන උළෙලේදී Innovative Diamond Jeweller of the Year හෙවත් වසරේ නව්‍යකරණීය දියමන්ති ස්වර්ණාභරණ සමාගම ලෙස පිදුම් ලැබුවේය. එහි විශේෂත්වය වනුයේ Retail Jeweller World Dubai Awards සංවිධානයේ කර්තෘ මණ්ඩලය විසින් ලොව පුරා ප්‍රමුඛ පෙළේ සහ ඉහළම තලයේ ස්වර්ණාභරණ සමාගම් 150කට අධික ප්‍රමාණයක් අතර පවත්වන ලද සමීක්‍ෂණයක් සිදුකර එළැඹගත් නිගමනයකින් මෙම Innovative Diamond Jeweller of the Year සම්මානය වෝග් ජුවලර්ස් වෙත පිරිනැමීමයි. ඊට අමතරව, මෙම සම්මානය ශ්‍රී ලාංකේය ස්වර්ණාභරණ සමාගමකට ලබාදුන් ප්‍රථම අවස්ථාව මෙය ලෙස වෝග් ජුවලර්ස් නැවතත් වාර්තාවක් පිහිටුවයි.

advertistmentadvertistment
advertistmentadvertistment