ශතක වැස්සක් මැද ශ්‍රී ලංකාව 704/3

938

අයර්ලන්තයට එරෙහිව ගාල්ලේදී පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ පළමු ඉනිම සඳහා කඩුලු 03කට ලකුණු 704ක් රැස්කර සිටියදී ඉනිම අත්හිටුවීමට ශ්‍රී ලංකාව තීරණය කළේය.ඒ අනුව ශ්‍රී ලංකාව අයර්ලන්තයේ පළමු ඉනිමට වඩා ලකුණු 207ක් ඉදිරියෙන් සිටී. මෙහිදී ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දුවට පහරදුන් ක්‍රීඩකයන් දෙදෙනෙක් ද්විත්ව ශතක ලබා ගැනීමට සමත් වූ අතර තවත් දෙදෙනෙක් ශතක ලබාගැනීම කැපී පෙනෙන සිද්ධියක් විය.ඒ අනුව කුසල් මෙන්ඩිස් 245, නිෂාන් මධුෂ්ක 205, නායක දිමුත් කරුණාරත්න 115 සහ ඇන්ජලෝ මැතිව්ස් නොදැවී ලකුණු 100ක් ලබා ගැනීමට සමත් වූහ.

advertistmentadvertistment
advertistmentadvertistment