ශ්‍රී දන්ත ධාතූන් වහන්සේට ආදිවාසීන්ගෙන් මීපැණි පූජාවක්

36

ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලැත්තෝ ඇතුළු දඹාන ආදිවාසීන් විසින් ශ්‍රී දන්තධාතූන් වහන්සේ වෙත වාර්ෂිකව සිදුකරන මීපැණි පූජාව 26 දින ශ්‍රී දළදා මාලිගාවේදී සිදුවිය.

සෙංකඩගල ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු රන්දෝලි පෙරහැර වීදි සංචාරය කරන දිනයේදී මෙම මීපැණි පූජාව සිදු කෙරේ. ආදිවාසීන් විසින් වනයෙන් නෙළාගන්නා මීපැණිවල හොඳම නොඉඳුල් කොටස ඔවුන් සෑම වර්ෂයකදීම දන්ත ධාතූන්වහන්සේ වෙත පූජා කරති. මී පැණි පූජාවෙන් අනතුරුව දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසින් ආදිවාසී ප්‍රජාව සඳහා ත්‍යාග පිරිනැමීමක් ද සිදු කළේය.

මහියංගණය ප්‍රාදේශීය ලේකම් සංජීව ප්‍රසාද් වීරසිංහ මහතා ද මෙම අවස්ථාවට එක්වූහ. ආදිවාසීන් හැටපස්දෙනකු ඇතුළු පිරිසක් මෙම පූජාව සඳහා සහභාගි වූ අතර ඔවුහූ ප්‍රථම රන්දෝලි පෙරහැර නැරඹීමට ද එක්වූහ.
ලලන්ත වනින්ආරච්චි – මහනුවර

advertistmentadvertistment
advertistmentadvertistment