ශ්‍රී ලංකාව තිරසර සංවර්ධන වාර්තාව නිව්යෝර්ක් හිදී ඉදිරිපත් කරයි

98
God's helping hand with the white cross on sunset background. Day of remembrance and good friday concept

ශ්‍රී ලංකාව තිරසාර සංවර්ධන අභිමතාර්ථ සාක්ෂාත් කරගැනීම පිළිබඳ සිය දෙවැනි ස්වේච්ඡා ජාතික සමාලෝචනය (VNR) නිව්යෝර්ක් හි එක්සත් ජාතීන්ගේ ආර්ථික හා සමාජ කවුන්සිලයේ අනුග්‍රහය යටතේ කැඳවන ලද ඉහළ පෙළේ දේශපාලන සංසදයේ දී (HLPF) ඉදිරිපත් කළේ ය. ‘තිරසාර සංවර්ධිත ජාතියක් සැමට උදා කරළීම සඳහා වන සියල්ල ඇතුළත් පරිවර්තනය’ යන තේමාවෙන් යුක්ත මෙම වාර්තාව, එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත මොහාන් පීරිස් මහතා සහ ශ්‍රී ලංකා තිරසාර සංවර්ධන කවුන්සිලයේ අධ්‍යක්ෂ ජනරාල් චමින්ද්‍රි සපරමාදු මහත්මිය විසින් මෙම සංසදය වෙත ඉදිරිපත් කරන ලදී. ඉන් අනතුරුව සාමාජික රටවල් සහ සිවිල් සංවිධාන සමඟ සාකච්ඡාවක් පැවැත්විණි. වර්තමානයේ දී මුහුණ දෙන ආර්ථික බාධා මධ්‍යයේ වුවද, තිරසාර සංවර්ධන අභිමතාර්ථ සාක්ෂාත් කරගැනීමේ දී ශ්‍රී ලංකාව කලාපයේ අනෙකුත් රටවලට සාපේක්ෂව සැලකිය යුතු ප්‍රගතියක් ලබා ඇති බව මෙහිදී අවධාරණය කෙරිණි.

advertistmentadvertistment
advertistmentadvertistment