සමස්ත ලංකා පාසල් ක්‍රීඩා මැරතන් ශූරයා – සදීෂ: ශූරිය – පේෂලිකා

73

අධ්‍යාපන අමාත්‍යංශය විසින් සංවිධානය කරන ලද සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙලේ සමාරම්භක තරග ඉසව්වක් වූ අර්ධ මැරතන් ඉසව්ව පෙරේදා (09 වැනිදා) ගම්පහදී ක්‍රියාත්මක විය.

 නෙස්ලේ ලංකා සමාගමේ නෙස්ටමෝල්ට් අනුග්‍රාහක ශක්තියෙන් පැවැති අදාළ තරගාවලියේ බාලක ඉසව්වේ ශූරතාව දිනා ගැනීමට මොරටුව මහා විද්‍යාලයේ එම්. සදීෂ අනුසංඛ සමත් වූ අතර බාලිකා ඉසව්වේ ශූරතාව දිනා ගැනීමට පාන්තිය මහා විද්‍යාලයේ පේෂලිකා මධුවන්ති සමත්වූවාය

සමස්ත ලංකා පාසල් ක්‍රීඩා මැරතන් ශූරයා - සදීෂ: ශූරිය - පේෂලිකා

බාලක ඉසව්වේ දෙවැනි ස්ථානය කිලිනොච්චිය මුලංකාවල් මධ්‍ය මහා විද්‍යාලයේ කේ. එම්. කීරන් විසින් හිමිකර ගැනීමට සමත් වූ අතර මිරිස්වත්ත ජාතික පාසලේ දිල්හාර් ලක්ෂාන් එම ඉසව්වේ තෙවැනි ස්ථානය හිමිකර ගත්තේය.

 බාලිකා ඉසව්වේ දෙවැනි ස්ථානය දිනා ගැනීමට නිමල මරියා බාලිකා විද්‍යාලයේ ඕෂාදිනී නිලුමිකා දිනා ගත් අතර සේනාපති මහා විද්‍යාලයේ චමිලා සිරිවර්ධන එම ඉසව්වේ තෙවැනි ස්ථානය දිනා ගත්තාය.

advertistmentadvertistment
advertistmentadvertistment