සම්පාගේ සුපිරි පන්දු යැවීමෙන් බංග්ලාදේශය අඩියටම වැටෙයි

372

ඇඩම් සම්පා ප‍්‍රමුඛ ඔස්ටේ‍්‍රලියා පන්දු බල ඇණිය ඉදිරියේ අසරණ වූ බංග්ලාදේශ කණ්ඩායම මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ ලැබූ දරුණුතම පරාජයට ඊයේ (04 වැනිදා* හිමිකම් කීවේය. එ් ප‍්‍රබල ඔස්ටේ‍්‍රලියාව හමුවේ ඩුබාහි පැවැති තරගයේදී කඩුලූ 8කින් පරාජයට පත්වීමත් සමගිනි.

 කාසියේ වාසිය දිනූ ඔස්ටේ‍්‍රලියානු නායකයාගේ ආරාධනයට අනුව මෙවර ලෝක කුසලාන තරගාවලියේ තමන් තරගවදින අවසන් තරගයේ ඉනිම ආරම්භ කළ බංග්ලාදේශ පිතිකරුවෝ පන්දුවාර 15ක් තුළදී මුළු ලකුණු 73කට සියලූ දෙනා දැවී ගියේය. එහිදී ඔස්ටේ‍්‍රලියාව වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ ඇඩම් සම්පා සිය පන්දුවාර හතර තුළදී මුළු ලකුණු 19කට බංග්ලාදේශ ඉනිමේ කඩුලූ 5ක් දවා ගැනීමට සමත්විය. බංග්ලාදේශ ඉනිමේ මුළු කඩුලූ 5 මිචෙල් ස්ටාර්ක් (21/2*, ජොස් හසල්වූඞ් (08/2* සහ ග්ලේන් මැක්ස්වෙල් (06/1* විසින් දවා ගනිද්දී අවසන් කඩුලූ 5ම තමන්ගේ කඩුලූ මල්ලට එක් කර ගැනීමට සම්පා එහිදී සමත්වීම කැපී පෙණුනි.

 මොහොමඞ් නයිම් ලකුණු 17ක් ලබා ගනිමින් බංග්ලාදේශ ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වෙද්දී නායක මහමුදුල්ලා ලකුණු 16ක් වාර්තා කිරීමට සමත්විය. එ් හැරුණුකොට කිසිදු බංග්ලාදේශ පිතිකරුවෙකුට ලකුණු 06 සීමාව පසුකර යෑමට ඉඩ නොදීමට ඔස්ටේ‍්‍රලියානු පන්දු යවන්නෝ වගබලා ගත්තේය.

 පන්දු 120කදී ලකුණු 73ක් ලබා ගැනීමේ පහසු ඉලක්කය සමගින් ඉනිම ඇරැුඹූ ඔස්ටේ‍්‍රලියානු පිතිකරුවෝ කඩුලූ 2ක් පමණක් දැවී පන්දුවාර 6.2කදී සිය ඉලක්කය පසුකර ගියේය. එ්රන් ෆින්ච් පන්දු 20කදී හයේ පහර 4ක් සහ හතරේ පහර 2ක් සමගින් ලකුණු 40ක් වාර්තා කළේය.

 අදාළ පරාජයත් සමගින් බංග්ලාදේශ කණ්ඩායම මෙවර ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 දෙනාගේ

 වටයේ සහභාගි වූ තරග 5න් පහම පරාජයට පත්වෙමින් එම කාණ්ඩයේ අවසන් ස්ථානයට පත්වෙමින් තරගාවලිය නිමාවට පත් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment