සමීප රූප

304

බුද්ධදාස ගලප්පත්ති කලාකරුවා මෙරට බොහෝ කලාකරුවන්ගේ සමීප මිතුරෙකි. ඔවුන්ගේ සතුට, ශෝකය කොතැන ද ඔහු එතැනය. අග නගරයේ ඔහුගෙන් තොර කලා උළෙලක් වේ නම් ඒ ඉතාම කලාතරකිනි. ඒවාට සම්මාදම් වීමෙන් නොනවතින බුද්ධි ඒ ගැන පුවත් පතකට කුමක් හෝ ලිවීමට ද පසුබට නොවෙයි. එසේ ලියැවෙන ලිපි පසු කලෙක තීරු ලිපි සංග‍්‍රහ බවට ද පත්වෙයි. 2012/2013 වසරවලදී ඔහුගේ එවන් කෘති සම්මානයට ද පාත‍්‍ර වූ බව ඉතිහාසය සාක්‍ෂි දරයි. කලාවේ චමත්කාරය සමීපරූපයකින් දකින සෞන්දර්ය වේදියකුගේ යුහුමුනෙත යන උපමාතෘකාව යටතේ හැඳින් වෙන අප අවධානයට පාත‍්‍රවන කෘතිය ‘‘සිළුමිණ’’ සමග බෙදා හැරෙන ‘‘රසඳුන’’ උදෙසා විරචිත ලිපි හතළිස් පහකින් සංගෘහිතය.

 ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිiාලයෙහි සිංහල හා ජනසන්නිවේදන අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය සෙනේස් දිසානායක බණ්ඩාර ඔහුගේ කෘති හඳුන්වා දෙමින් මෙවන් සඳහනක්කර තිබේ. ‘සාහිත්‍යය, සිනමාව, වේදිකාව, ටෙලිවිෂන් මාධ්‍යය, සංගීතය, සංස්කෘතිය, ජනමාධ්‍ය ආදී සෞන්දර්යාත්මක විෂය මතු නොව, සමාජයීය හා දේශපාලන සංසිද්ධීන් පිළිබඳව ද රචකයාගේ නිරීක්‍ෂණාක්‍ෂිය යොමු වූ තීරු ලිපි මාලාවක් සමීප රූප අතර වේ. ඒවා ඔහුටම අනන්‍ය නිර්මාණශීලී කාව්‍යාත්මක බසකින් ප‍්‍රතිනිර්මාණය වීම බුද්ධදාස ගලප්පත්තිගේ තීරු ලිපි රචනා කලාවෙහි කැපී පෙනෙන වෙසෙස් ගුණය වේ. ඉන්ද්‍රචාප නම් ආරූඪ නාමයෙන් ලියූ තීරු ලිපි අතර සිනමාවට සම්බන්ධ ලිපි ගණනාවකි. ඒ අතරින් නිළි රැජින මාලිනී, සම්මාන සහ අවමාන නම් ලිපිය බුද්ධදාස ගලප්පති නම් ලේඛකයාගේ අදීන හා අභීත බවට කදිම නිදසුනකි.

 ඉන්ද්‍රචාප එදවස දුටු මාලිනීගේ දේශපාලන සමීපරූපයට මෙන්ම අද පෙනෙන්නට ලැබෙන මන්ත‍්‍රීනී භූමිකාවෙහි සමීපරූපයට ද අකමැතිය. තමන් නොදන්නා තමන්ට නොවැටහෙන දේශපාලන භූමිකාවකට පිවිසීම තරම් ප‍්‍රතිභාන්විත නිළියකගේ දිගු කාලීන ප‍්‍රතිරූපයට හානි කරනා සිදුවීමක් තවත් නැති තරම් යැයි ඉන්ද්‍රචාප සිතයි. සැබෑ විචාරකයාට හිතවත්කම් නැත. පටුලාභාපේක්‍ෂා ද විරහිතය. මාලිනීගේ දේශපාලන භූමිකාවෙහි අසාර්ථකත්වය විවරණය කළ ලේඛකයා ගාමිණී ෆොන්සේකා හා විජය කුමාරතුංගයන්ගේ දේශපාලන භූමිකාවන්ගේ සාර්ථකත්වය ගැන පැවසීමට ද අමතකකර නැත. අද නිළි රැුජින දේශපාලනයෙන් ඈත්ව සිටියත්, අපවිත‍්‍ර බවට පත් වෘත්තියක්ව ඇති දේශපාලනය කෙරෙහි ලොබ බැඳ සිටින අiතන කලාකරුවන් වෙත මෙය මහ`ගු පාඩමක් කියා දෙයි.

 මහැදුරුය. ඔහු කුලපතිය. ඔහු කලා සරසවියේ සිහිල් සුළං රැුල්ලක්සේ හද ගිම් නිවනා මිහිරි ස්වරය’’ යන ලිපිද්වය මෙහි ඇතුළත් සංගීත ක්‍ෂේත‍්‍රයේ නියෝජනයන්ය. පළමු වැන්න මහාචාර්ය සනත් නන්දසිරි පිළිබඳව වූවකි. දෙවැන්න ආචාර්ය වික්ටර් රත්නායකයන් ගැනය.

 ‘ආරෝහ පරිණාහ, උත්තුංග දේහධාරීන් මහා පුරුෂයකුගේ රුව සමීප රූපයෙහි ඇඳේ, ඔහු පෙරදා සංගීත් නිපුන්ය. සෞන්දර්ය සරසවියේ කථිකාචාර්ය, සෞදර්ය අධ්‍යයන අංශයේ අංශාධිපති, ඉනුදු නොනැවතුණු ඔහු ගේ වාර්තා අතර සංගීත පීඨයෙන් බිහි වූ පළමු වැනි මහාචාර්යවරයා ද ඔහු බවයි ඉන්ද්‍රචාපගේ තොරතුරු ගොන්නෙහි දැක්වෙන්නේ. මහාචාර්ය සනත් නන්දසිරි සෞන්දර්ය විශ්වවිiාලයේ ඉහළම තනතුරට පත් වීමේ මහිමය බුද්ධදාස ගලප්පති විසින් විස්තර කරන්නේ එළෙසිනි.

 මහාචාර්ය සනත් නන්දසිරි ගැන එලෙස ලියූ ගලප්පත්ති, වික්ටර් රත්නායක ගැන මෙලෙස ලියයි.

 ගුවන් විදුලි සරල ගීතයෙන් ජනහදට ළං වූ වික්ටර් තම ඒක පුද්ගල සංගීත ප‍්‍රසංගය ‘ස’ සමගින් මෙතෙර නගර ගම් නියම් ගම්හි වෙසෙන පොදු ජන සංගීත ලෝලීන් වෙත ද එතෙර යහපත් ගීත කලාවක් වටා රොද බඳින ශී‍්‍ර ලාංකික වැස්සන් වෙත ද සැරිසැරූ බව ඉතිහාසයෙහි ලියැවී ඇත. අමරදේව ජාතියේ රන් ස්වරයවේ නම් වික්ටර් රත්නායක මෙරට සංගීත ලෝලී ජන විඥානයේ ජන මතයෙහි ජනතාව අතර රන් ස්වරය බවට වාද විවාද ඕනෑ නැත.

 වේදිකා නාට්‍ය සමග අත්‍යන්තයෙන් බැඳුණු බුද්ධදාස ගලප්පති නාට්‍ය ක්‍ෂේත‍්‍රයේ අසීමිත පිරිසක් ගැන ද මේ කෘතියේ සාකච්ඡුාකර තිබේ. ඒ සියල්ල අතරින් රාජිත දිසානායක පිළිබඳව කළ කතා බහ ඉතා කැපී පෙනෙන බව කිව යුතුය. ‘වීරයා මැරිලා, ආපහු හැරෙන්න බෑ. බකමූණා වීදි බසී, සිහින හොරු අරන්, ආදර වස්තුව සිරිවර්ධන පවුල මට වෙඩි තියන් නැද්ද වගේ නාට්‍ය ඉන්ද්‍රචාපට මතක් වෙනවා. ඒ කිසි නාට්‍යයකින් රාජිත පේ‍්‍රක්‍ෂකයන්ගේ ඇහැට වැලි ගහල පසුම්බියට විදින බාල උපක‍්‍රම පාවිච්චි කළේ නැති බව ඉන්ද්‍රචාප දන්නවා. මේ නාට්‍ය සමීප රූප අතර, බොහෝ සංඛ්‍යාවක් පේ‍්‍රක්‍ෂක මතකයේ තියෙන්නේ වේදිකාවේදී දුටුව හොඳ නාට්‍යයක් රංග කාර්යයක් විදිහට.

 රාජිත දිසානායකගේ නිර්මාණ නාමයම උපයෝගිකර ගන්නා රචකයා ඔහු ගැන කරන විවරණ නිමා කරන අයුරු බෙහෙවින් සිත් ගන්නා බව කිව යුතුයි.

 සමහර පේ‍්‍රක්‍ෂකයන්ට නැතුව බැරි මිනිහෙක් දුර රූපයක් හරි මධ්‍යම රූපපයක් හරි විදිහට පෙනෙන්න පුළුවන් ඇති. ඒත් ඉන්ද්‍රචාපට නම් නැතුව බැරි මිනිහෙක් පේන්නෙ අපේ දෑස් වසා ගත්ත හිතට කතා කරන සමීප රූපයක් විදිහට. බුද්ධදාස ගලප්පත්ති මේ කෘතියට තෝරා ගත් තීරු ලිපි අතරින් ප‍්‍රශස්තම ලිපිය ඉලන්චේලියන් මහාධිකරණ විනිසුරුවරයාගේ කතා වස්තුව’’ දැයි සැකයකි. එයින් පිරිනැමූ පණිවිඩය (උත්තර මානුෂීය ගුණාංගය* අන් සියල්ල පරයා නැඟී සිටින බව පැවසීමේ වරදක් ඇද්දැයි සිතේ. මහාචාර්ය සිරි ගුණසිංහ, පද්ම ශ‍්‍රී පණ්ඩිත අමරදේව හා වසන්ත ඔබේසේකර වැනි උතුම් කලාකරුවන්ගේ නික්ම යෑම් පිළිබඳව ගලප්පත්ති විස්තරකර ඇත්තේ ඔවුන් කළ අමිල මෙහෙවර සිහිපත් කරමිනි.

 ජාත්‍යන්තර කීර්තිධර එකම සිංහල විචාරකයා හා ආසියාවේ සන්නිවේදන විiාඥයා ලෙස විරුදාවලී ලැබූ මහාචාර්ය විමල් දිසානායකයන්ගේ දේශන පැවැත්වීමේ මහිමය මෙන්ම මහාචාර්ය සමන්ත හේරත් එය තේරුම්ගෙන කි‍්‍රයා කිරීම පිළිබඳව ද ගලප්පත්ති එක් ලිපියක විග‍්‍රහකර තිබේ.

 කෘතිය උදෙසා අවසනට තෝරා ගෙන ඇති ලිපිය මහාචාර්ය සුනිල් ආරියරත්නයන් ජපුර සරසවියෙන් සමුගැනීමයි. එය අපට සිහිපත් කරන්නේ සරච්චන්ද්‍රයන්ගේ මළගිය ඇත්තෝ සරච්චන්ද්‍රයන්ගේ මළගිය ඇත්තෝ’ මළවුන්ගේ අවුරුදුදා කෘතිද්වයයි.

 ජීවිතයේ දශක හයක් සපුරනු යනු ශාස්ත‍්‍රවන්තයකුගේ ශාස්ත‍්‍රාලෝකයෙහි නිර්මාණ ජීවිතයෙහි අවසානය යැයි පිළිගැනීමට ඉන්ද්‍රචාප කිසිසේත් එකඟ නොවේ. සමුගැනීම තවත් ඇරඹුමක ඇරඹුමකි. නොගියොත් යළිත් ආ නොහැකිය. යෑම හොඳයි ගොස් ඊම ද හොඳයි. ළබැඳ සුනිල් ඔබ යළි ඊම තෝර ගන්න. ඉන්ද්‍රචාපගේ ඉල්ලීම එයයි. රුවන් තරස්වින්ගේ චිත‍්‍ර නිමාණ ද පැසසුම් කටයුතුය. බොහෝ කලාකරුවන්ගේ රූප ඔහු විශිෂ්ට ලෙස රේඛාචිත‍්‍රවලට නඟා තිබේ. මේ සාකච්ඡුා කරන්නට යෙදුණේ සමීප රූප කෘතියේ ලිපි කිහිපයක්

 ගැන පමණකි. තවත් හරවත් ලිපි බොහෝ ගණනක් මෙහි ඇතුළත්ය. බුද්ධදාස ගලප්පත්ති විචාරකයෙක් පමණක් නොවේ. පළමු පෙළේ පi රචකයෙකි. එබැවින් ජාතියේ ගායිකාව වූ ආචාර්ය නන්දා මාලනී වෙත කෘතිය පුද කළ කොට සිටින්නේ නිර්මානාත්මක පැදි දෙකකින්ය.

 පැදි දෙකින් අපි නවතිමු.

 ‘‘ඈත දුර රුව මැදි රුව ද නොව
 සමීපව රුව ඔබ යැ සොයුරිය
 මියුරු සරයෙන් සවන් සනහන
 කෝකිලාවිය ඔබ යැ සැම දින

 සෝතාප ළතැවුල ද පිරිපත
 නිවාලන රන් ස්වරය ඔබැ නොවැ
 ඔබැම හැර අන් කවුරු ගෙලවට
 පළඳවන්නෙද මෙ රූ මුතු පට

 සුනිල් ගුණවර්ධන

advertistmentadvertistment
advertistmentadvertistment