සර්පන්ටයින් නිවාස සංකීර්ණයේ තුන්වැනි මහලෙන් ඇද වැටුණු ශිෂ්‍යයාට බරපතළ තුවාල

352

බොරැල්ල, සර්පන්ටයින් මහල් නිවාස සංකීර්ණයේ තුන්වැනි මහලෙන් 16 හැවිරිදි දරුවකු බිමට ඇදවැටී බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබේ.

මෙම දරුවා නිවසේ ඇති සිමෙන්ති ග්‍රිල් ආධාරයෙන් බිමට බැසීමට උත්සාහ කිරීමේදී අනතුරට මුහුණ පා ඇතැයි හෙළිවූ බව පොලිසිය පවසයි. සිද්ධිය සම්බන්ධයෙන් බොරැල්ල පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ සිදු කරති.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment