සිහිනයකි ආදරේට දින හැත්තෑපහයි

40

R. සදේශ් කුමාර් සමග ශීමතී සදේශ් කුමාර් නිෂ්පාදනය කළ සරෝ ශන්මුගම් අධ්‍යක්ෂණය කළ ‘සිහිනයකි ආදරේ’ චිත්‍රපටය අද (05දා) දිනට 75 වැනි දිනය සපුරයි. පූජා උමාශංකර්, හේමාල් රණසිංහ, ශේෂාද්‍රි ප්‍රියසාද්, උද්දික ප්‍රේමරත්න, ලකී ඩයස්, මහේන්ද්‍ර පෙරේරා, ශ්‍රියන්ත මෙන්ඩිස්, ජයන්ත අතපත්තු, තිසුරි යුවනිකා, කුමාර තිරිමාදුර, විනූ සිරිවර්ධන, හේමන්ත ඊරියගම, සුනීතා විමලවීර, දමිතා අබේරත්න ඇතුළු ජනප්‍රිය නළු නිළියන් රැසක් මේ සඳහා රංගනයෙන් දායක වෙති. ඊ. ඒ. පී. මණ්ඩලයේ සිනමාශාලාවල තවමත් අති සාර්ථකව මෙය ප්‍රදර්ශනය වේ. මෙම චිත්‍රපටයට ඇතුළත් කාසි සබන් ගීතය ප්‍රතිනිර්මාණය කළ සරිත් සුරිත් විසින් ගායනා කළ ගීතය මේ වන විට යූ ටියුබ් නැරඹුම් වාර ලක්ෂ 110 ඉක්මවා තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment