සුරාසල් ඇරිය දින 9ට කෝටි 500ක ආදායමක්

141

සුරාසල් විවෘත කළ පසුගිය මාසයේ (සැප්තැම්බර්) දින 09 ට සුරාබදු ආදායම ලෙස රුපියල් කෝටි 500 ක් දෙපාර්තමේන්තුවට ලැබී ඇතැයි සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. ජේ. ගුණසිරි මහතා ‘දිවයින’ට ඊයේ (11 දා) පැවැසීය.

සුරාසල් විවෘත කරන දිනවල සුරාබදු දෙපාර්තමේන්තුවට දෛනිකව රුපියල් කෝටි 50 ත් 70 ත් අතර ආදායමක් හිමිවන බව ද ගුණසිරි මහතා කීය. මේ වසර අවසන් වනවිට රුපියල් බිලියන 135 ක සුරාබදු ආදායමක් රජයට ලබාදීමට අදහස් කර තිබෙන බව ද හෙතෙම පැවසීය.

එන්නත් වැඩපිළිවෙළ සහ ආර්ථික හේතුමත සුරාසල් විවෘත කර තැබුවත් වැඩි වර්ධනයක් පෙන්නුම් නොකරන බවත් සාමාන්‍ය දිනක අලෙවි වන ප‍්‍රමාණයට විකිණෙන බව දක්නට තිබෙන බවත් ඒ මහතා කීය.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සහ රේගුවට අමතරව දෙවැනියට රජයට ආදායම් ලබා දෙන්නේ සුරාබදු දෙපාර්තමේන්තුව මගිනි. ලබන 19 වැනිදාට යෙදෙන නබි නායක උපන් දිනයදා සුරාසල් වසා නොතැබෙන අතර පසුදින (20 දා) පොහොය දින සුරාසල් වසා තැබේ.

චමින්ද සිල්වා
 

advertistmentadvertistment
advertistmentadvertistment