13 ට අනුව බලය බෙදන්න: ජිනීවා සමුළුවේදී ඉන්දියාව කියයි

305

මානව හිමිකම් සමුළුව මැද වසර 32 ක් සූරිච් නගරයේ
වාසය කළ වකුගඩු රෝගියෙක් පිටුවහල් කෙරේ….

කාදිනල් මැල්කම් රංජිත් පාස්කු ප‍්‍රහාරය
දේශපාලන කුමන්ත‍්‍රණයක් යැයි ජිනීවා හි කියා සිටියි…
ජිනීවා සමුළුව ඇමතුවේ ප‍්‍රැන්සිස්කන් ඉන්ටර්නැෂනල් සංවිධානය හරහා…

මිචෙලි බැෂලේ ශ‍්‍රී ලංකාවට එයිද?

ත‍්‍රස්ත මර්දන පනත තහනම් කරනු…!
එක්සත් ජාතින්ගේ විශේෂ දූත කණ්ඩායම රජයට කියා සිටිති…

රුසියාව විසින් යුක්රේනය ආක‍්‍රමණය කිරීම නිසා මානව හිමිකම් සමුළුව දැඩි අර්බුදයකට ලක්වීමෙන් ශ‍්‍රී ලංකාවට එරෙහි වගවීමේ ව්‍යාපෘතිය මාර්තු 3 දා අනාවරණය කිරීමට මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැෂලේට නොහැකි විය. ඒ අනුව ශ‍්‍රී ලංකාව සම්බන්ධ විවාදය පසුගිය සඳුදා පැවැත්වුණි. මෙරට දේශපාලකයන් ජිනීවාහි දී ශ‍්‍රී ලංකාව මුහුණ පා සිටින අවාසනාවන්ත තත්ත්වය ගැන නිහඬව සිටිය දී උතුරේ ද්‍රවිඩ දේශපාලකයෝ ඉන්ධන හිඟය හෝ ඩොලර් සංචිතයේ හිඟකම ගැන සැලකිලිමත් නොවී ආරක්‍ෂක හමුදා ප‍්‍රධානීන් යුද අපරාධකරුවන් කිරීමේ මෙහෙයුම දියත් කළහ. මේ සඳහා ඩොලර් සහ ප‍්‍රෑන්ක් අවශ්‍ය තරම් ඇති ප‍්‍රංශ කොටිඩයස්පෝරාවේ නායක බොස්කෝ හොර සංවිධාන රැසක් පිහිටුවා තිබේ. ඒ බී. සී ,තමිල් ඔලි, භාරත් සෙන්ටර්, ප‍්‍රැන්කෝ, ප‍්‍රාන්ක්, ප‍්‍රාන්ස්, ටැමිල් සංවිධානය, ලේ පොන්ට්, ටැමිල් උසගම් ,ජෙයිිනුයි ස්ටූඩන්ට් ටේ ටැමුම් මුලේ් ඇතුළු සංවිධාන රැසක් මොහු මෙහෙයවයි. මේ සියලූ තක්කඩි සංවිධානවල නායකයාද බොස්කෝය.ි මොහුට අරමුදල් ලැබෙන්නේ කෙසේදැයි ජිනීවා මානව හිමිකම් සමුළුවට එන ද්‍රවිඩයන්ද දන්නේ නැත. ඔහුගේ කොටි හිතවාදී සංවිධාන ශ‍්‍රී ලංකාවට එරෙහිව මේ වනවිට වාර්තාමානව හිමිකම් කවුන්සිලයට ගොනු කරමින් ඉල්ලීම් රැසක් ඉටු කරන ලෙස ඉල්ලා තිබේ. එම ඉල්ලීම් මෙසේය.

1 එක්සත් ජාතීන්ගේ අධීක්‍ෂණය යටතේ උතුරු නැඟෙනහිරට ජනමත විචාරණයක් පවත්වනු

2 ශ‍්‍රී ලංකා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 6 වැනි සංශෝධනය අහෝසි කරනු

3 උතුරු පළාත් සභාව සම්මත කළ ද්‍රවිඩයන් සංහාර යෝජනාව පිළිගනු

4 ශ‍්‍රී ලංකාව ජාත්‍යන්තර අධිකරණයට ගෙන යනු

5 ද්‍රවිඩ රාජ්‍යයට එරෙහිව සිදු කරන එදිරිවාදිකම් ගැන විමර්ශනය කිරීමට එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයකු පත් කරනු.

6 ශ‍්‍රී ලංකාවට අදාළව මානව හිමිකම් කවුන්සිලයේ විශේෂ සැසිවාරයක් පවත්වනු

7 උතුරු නැඟෙනහිර ද්‍රවිඩ ජනතාව රැකීමට ජාත්‍යන්තර ආරක්‍ෂක යාන්ත‍්‍රණයක් ස්ථාපිත කරනු

8 ස්වයංපාලනය ලබා දෙනු

ශ‍්‍රී ලංකාව දෙකඩ කිරීමේ අරමුණින් ඉදිරිපත් කළ මෙම ඉල්ලීම්වලට සම්බන්ධ ව්‍යාජ සංවිධාන අතර මොරිටානියාවේ රාජ්‍ය නොවන සංවිධානයක් විය. එම සංවිධානය ද මරියාදාසන් බොස්කෝ කුලියට ගෙන තිබුණි. එහෙත් මොරිට්ටියන් පුවර් ලා යුබෝෂන් ඩ්‍රොයිට් සංවිධානය ශ‍්‍රී ලංකාවේ ද්‍රවිඩයන් වෙනුවෙන් ඉල්ලීම් ඉදිරිපත් කරන්නේ මන්දැයි මානව හිමිකම් කවුන්සිලයේ රාජ්‍ය නොවන සංවිධානය මහලේකම් කාර්යාලය විමසූවේ නැත. මේ අතර තමිල් නාඩුවේ සිට ක‍්‍රියාත්මක වන පසුපති තායිගම් පදනම නැමැති රාජ්‍ය නොවන සංවිධානය ද මෙරට ත‍්‍රස්ත මර්දන පනත අහෝසි කරන ලෙස මානව හිමිකම් සමුළුව වෙත යෝජනා කර ඇත.

එහෙත් මීට සමාන පනතක් ඉන්දියාවේදී ක‍්‍රියාත්මක වන අතර එකී පනත අහෝසි කරන ලෙස ඉන්දීය රජයෙන් ඉල්ලා නැත. පසුපති තායිගම් යනු තමිල් නාඩුවේ පාරිසරික සංවිධානයකි. එම පාරිසරික සංවිධානයට ශ‍්‍රී ලංකාවේ ත‍්‍රස්ත මර්දන පනතින් මතුවන හිරිහැරය කුමක්ද? ඊට සමානව කොළඹ රාජගිරියේ සිට ක‍්‍රියාත්මක මෝන්ලාර් සංවිධානය කෘෂිකාර්මික සංවිධානයක් වුවත් එකී රාජ්‍ය නොවන සංවිධානයද මානව හිමිකම් උල්ලංඝනය වීම ගැන හඬ නඟයි. තමිල්නාඩුවේ සිට ක‍්‍රියාත්මක පසුපති තායිගම් ඉන්දීය රජයට එරෙහිව මානව හිමිකම් උල්ලංඝනය වන බව දක්වමින් ජිනීවා මානව හිමිකම් සමුළුවට සංදේශයක් ගොනු කළා නම් අනිවාර්යයෙන්ම අත්අඩංගුවට ගනු ඇත.

එහෙත් ජිනීවා මානව හිමිකම් කවුන්සිලය වෙත ගොනු කර ඇති එක් වාර්තාවකින් ගෝලීය ද්‍රවිඩ සංසදය තවත් විශාල බොරුවක් හෙළි වී ඇත. ඒ ලොව පුරා ද්‍රවිඩ සංවිධාන 7200කට අධික සංඛ්‍යාවක් සිටින බවට සඳහන් කිරීමයි.

මෙවන් පසුබිමක් මැද ජිනීවා මානව හිමිකම් කොමසාරිස්වරිය මානව හිමිකම්වලට අමතරව මෙරට ජාතික ආරක්‍ෂාවට ද සෘජුව මැදිහත් වී ඇත. ඇය ශ‍්‍රී ලංකා රජයට නිර්දෙශයක් ඉදිරිපත් කරමින් බලහත්කාරයෙන් අතුරුදන් කිරීමේ සිද්ධිවලට අදාළ හමුදා ලේඛනාගාර වහාම විවෘත කරන ලෙසත් එවන් අතුරුදන් වූවන් පිළිබඳව අතුරුදන් වුවන්ගේ පවුල්වලට වන්දි ගෙවන ලෙස ද ඉල්ලා තිබේ.

එසේ නම් ස්විට්සර්ලන්තය, ප‍්‍රංශය, ජර්මනිය, නෝර්වේ ස්විඩනය, බි‍්‍රතාන්‍යය කැනඩාව, ඔස්ටේ‍්‍රලියාව, සහ දකුණු අප‍්‍රිකාවේ සිටින ද්‍රවිඩයන්ගේ අනන්‍යතාවය හෙළි කරන ලෙස ඇය එම රටවලින් ඉල්ලීමක් නො කරන්නේ මන්ද?

අතුරුදන් වූවන් විශාල සංඛ්‍යාවක් එම රටවල පදිංචි වී සිටිති. එම රටවල නීතිරීති අනුව ද්‍රවිඩයන්ගේ අනන්‍යතාවය හෙළි කිරීම තහනම් වේ. මානව හිමිකම් කොමසාරිස්වරින් අතුරුදන් වූ සෙබළුන් 5000කට අධික සංඛ්‍යාව ගැන සිය වාර්තාවේ දක්වා නොමැත. එසේම ත‍්‍රස්ත මර්දන පනත ජාත්‍යන්තර ප‍්‍රමිතීන්ට අනුකූල පනතකින් ප‍්‍රතිස්ථාපනය කරනතුරු ත‍්‍රස්ත පනත භාවිත කිරීම වළක්වන ලෙස ද ඇය රජයට කියා සිටියි. එහෙත් ස්විස් බි‍්‍රතාන්‍යය නවසීලන්ත සහ ඉන්දීය ත‍්‍රස්ත මර්දන පනත් අන්තර් ජාතික ප‍්‍රමිතීන්ට අනුකූල නැත.

මෙරට ත‍්‍රස්ත මර්දන පනත අහෝසි කිරීම සඳහා දැඩි උත්සාහයක යෙදෙන මෙරටින් ස්විට්සර්ලන්තයට පැනගිය සුනන්ද දේශප‍්‍රිය නැමැත්තා අද වනතුරු ස්විස් ත‍්‍රස්ත මර්දන පනත අහෝසි කළ යුතු යැයි ස්විස් රජයෙන් ඉල්ලා නැත.

13 ට අනුව බලය බෙදන්න: ජිනීවා සමුළුවේදී ඉන්දියාව කියයි

එවැනි විටක මෙරට ත‍්‍රස්ත මර්දන පනත භාවිතය තහනම් කළ යුතු යැයි පවසන මිචෙලි ස්විස් පනත අහෝසි කළ යුතු යැයි ස්විස් රජයෙන් ඉල්ලා නොමැත.

එවැනි විටක මෙරට ත‍්‍රස්ත මර්දන පනත භාවිතය තහනම් කළ යුතු යැයි මිචෙලි බැෂලේ කරන ඉල්ලීමට හිස නැමිය යුතුද?

නවසීලන්තයේ පදිංචිව සිටි ශ‍්‍රී ලාංකික මුස්ලිම් අන්තවාදීයෙක් නිසා එරට රජය දැඩි නීති රීතිවලින් යුත් නව ත‍්‍රස්ත මර්දන පනතක් සම්මත කළත් ඊට එරෙහිව මානව හිමිකම් කොමසාරිස්වරිය කිසිම ප‍්‍රකාශයක් කර නැත.

මෙවන් පසුබිම මැද ඇමෙරිකානු සී අයි ඒ සංවිධානයට සම්බන්ධ හියුමන් රයිට්ස් වොච් සංවිධානයේ ආසියානු නියෝජිතවරිය වූ මිනාක්ෂි ගංගුලි නැමැත්තිය වාර්තාවක් ප‍්‍රකාශයට පත් කරමින් ත‍්‍රස්ත මර්දන පනත මුස්ලිම් සහ ද්‍රවිඩයන්ට එරෙහිව භාවිත කර ඇතැයි පැවසූවාය.

එසේ නම් කර්නල් රංජිත් සිල්වා, පොලිස් අධිකාරී ලක්ෂමන් කුරේ අත්අඩංගුවට ගනු ලැබුවේ ත‍්‍රස්ත මර්දන පනත යටතේ නොවේද? ඔවුන් මුස්ලිම් හා ද්‍රවිඩ ජාතිකයන්ද මෙම ත‍්‍රස්ත මර්දන පනත ගැන ස්විට්සර්ලන්තයට ගිය හරින් ප‍්‍රනාන්දු ප‍්‍රකාශයක් කර ඇත. හරින් ප‍්‍රනාන්දු සහ මනුෂ නානායක්කාර යන දෙදෙනාට ස්විට්සර්ලන්තයේදී මුයිසේ වහබ්දින් නැමැත්තකු හමු වී ඇත. ගත වූ කාලය තුළ ජිනීවා මානව හිමිකම් සමුළු ආවරණය කළ අපිට වහබ්දීන්ගේ කටයුතු අනාවරණය විය. ඔහු යුනයිටඞ් හියුමන් රයිට්ස් කවුන්සිල් නමින් සංවිධානයක් පිහිටුවා ගෙන තිබේ. ඊට අමතරව අල්බාරම් නමින් තවත් සංවිධානයක් ද වේ. මෙම එක්සත් මානව හිමිකම් කවුන්සිලය වහාබ්දීන්ගේ මෙහෙයුමකි. බැලූ බැල්මට එය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය අනුකරණය කිරීමකි. පසුගිය කාලය මුළුල්ලේ වහබ්දීන්ගේ මේ සංවිධානය ක‍්‍රියා කළේ ශ‍්‍රී ලංකාවට එරෙහිවය. ප‍්‍රංශ සංවිධානයක් ලෙස පෙන්නුම් කරන එම සංවිධානය ප‍්‍රංශ භාෂාවෙන් හඳුන්වයි. එහි සභාපති වහබ්දීන්ය.

ජිනීවාහි චෙමින් චෙම්බසී පැමිනිලියන්හි අංක 2 දරන ස්ථානයේ පැවැති රැස්වීමකට ද හරින් ප‍්‍රනාන්දු අන්තර් ජාලය ඔස්සේ ද සහභාගී විය. එසේම ඔහු සමාන්තර රැස්වීමක්ද අමතනු ලැබීය. ඊට අමතරව රාජ්‍ය නොවන සංවිධාන මාර්ගයෙන් සමුළුව ද ඇමතුවේය.

එහිදී ත‍්‍රස්ත මර්දන පනතින් ත‍්‍රස්තවාදය අහෝසි කිරීමට නොහැකි වූ බව කියා සිටියේය. රංජන් රාමනායකව වසර හතරක් සිරගතකර ඇතැයිද පැවසූ ඔහු රටේ ජනතාවට පැය 8ක් විදුලිය කපාහරින බවද පළ කළේය. එසේම ඔහු සමාන්තර රැස්වීම අමතමින් මෙසේද පළ කළේය. ශ‍්‍රී ලංකාව මුක්තිය ලබාදීමේ ගමන නතර කළ යුතුයි. ඒ ගමන වැදගත් පුද්ගලයන්ට සිරගත කිරීමයි. මා මෙහි පැමිණියේ ඔබලාගෙන් උදව් ඉල්ලා සිටීමටයි. වාර්ගික දේශපාලනය ද නතර කළ යුතුයි. ජනතාවට දිනකට වේල් දෙකක්වත් කෑමට නොහැකියි. රජය ත‍්‍රස්ත මර්දන පනතට ඇතුළත් කළ සංශෝධනවලින් ත‍්‍රස්තවාදය වැළැක්වීමට ජාලාවක් වීමට අපොහොසත් වී තිබෙනවා.

ඔහු ජිනීවා මානව හිමිකම් සමුළුව ඇමතීමට ක‍්‍රියා කළත් පාස්කු ප‍්‍රහාරයට පෙර තම පියා එම ප‍්‍රහාරය ගැන කළ අනතුරු ඇඟවීම ගැන ආරක්‍ෂක බලධාරීන්ට හෙළි නොකළ බව පැවසූවේ නැත.

13 ට අනුව බලය බෙදන්න: ජිනීවා සමුළුවේදී ඉන්දියාව කියයි

එසේම ප‍්‍රභාකරන් එදා එජාප රජය ලවා ත‍්‍රස්ත මර්දන පනත අත්හිටුවා දෙහිවල පොලිසියේ ත‍්‍රස්ත මර්දන පොලිස් පරීක්‍ෂක තාබෲ ඝාතනය කිරීමට ක‍්‍රියා කළේය.

මේ ත‍්‍රස්ත මර්දන පනත සම්මත කළේ වසර 43 කට පෙර සිටි ජේ. ආර්. ජයවර්ධන සහ සිවා පසුපති බව ඔහුට අමතක වී ඇත. හරින් ප‍්‍රනාන්දු ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ ශාලාවකදී සමාන්තර රැස්වීමක් ඇමතුවේ කාගේ රාජ්‍ය නොවන සංවිධානයක් පිහිටෙන්ද යන්න මානව හිමිකම් කවුන්සිලයට පැමිණ සිටි ශ‍්‍රී ලාංකික දේශපේ‍්‍රමීන්ට අනාවරණය විය.

මේ හැර රංජන් රාමනායක සිරගත කළේ රජය නොව අධිකරණයට අපහාස කිරීම නිසා බවද ඔහු සමාන්තර රැස්වීමේදී පැවසූවේ නැත. එසේම ස්විස් පොලිසියට පුළුල් බලතල සහිත ත‍්‍රස්තමර්දන පනතක් යටතේ ඕනෑම අයෙක් අත්අඩංගුවට ගැනීමට හැකිය. එම නව පනත යටතේ ත‍්‍රස්තවාදය මර්දන කළ හැකිද?

ප‍්‍රභාකරන් ප‍්‍රමුඛ කොටි ඝාතන කණ්ඩායම මරාගෙන මැරෙන බෝම්බ පිපිරීම් ඇතුළු ත‍්‍රස්ත ක‍්‍රියා රැසක් සිදු කරද්දී මේ ත‍්‍රස්ත මර්දන පනත නොතිබුණේ නම් එකී ඝාතන සිදු කළ සැකකරුවන්ට එරෙහිව ක‍්‍රියා කළ හැකිද?

මේ අතර කොටිඩයස්පෝරාවේ ඉල්ලීම්වලට ප‍්‍රතිචාරය දක්වමින් ජාත්‍යන්තර බෞද්ධ සහන සංවිධානය ලන්ඩන් ඉනිෂියේටිව් සහ ගෝලීය ශ‍්‍රී ලංකා සංසදය කරුණු දක්වනු ලැබීය.

මේ අතර නොකඩවාම ජිනීවා ගොස් ශ‍්‍රී ලංකාවට එරෙහිව ක‍්‍රියා කරන ඕල් ෆොර්ම්ස් ඔප් ඩිස්ක‍්‍රිමිනේෂන් ඇන්ඞ් රයිට්ස් සංවිධානය මෙහෙය වන නිමල්කා ප‍්‍රනාන්දු නැමැත්තිය හිටපු හමුදාපති සරත් ෆොන්සේකාගේ ප‍්‍රකාශය වැදගත්ම පාපොච්චාරණය බව පවසා ඇත. මේ එන්. ජී. ඕ. ක‍්‍රියාකාරිනිය තවදුරටත් මෙලෙස කීවාය.

‘‘ප‍්‍රශ්න පහසුවෙන්ම විසඳීමට හැකි වන්නේ සරත් ෆොන්සේකා ස්වේච්ඡාවෙන්ම ප‍්‍රධාන සාක්කිකරු වුවොත් පමණයි. වගවීමේ සහ යුද අපරාධ පිළිබඳ නඩු විභාගවලට ඔහු ස්වේච්ඡාවෙන් ඉදිරිපත් විය යුතුයි. පුද්ගලික අපරාධ සිදු වු බව ඔහු පැවසූවා. එසේ නම් ඔහු කරුණු හෙළි කළ යුතුයි.

එසේ වූවත් හිටපු හමුදාපතිවරයා රටේ හමුදාවට එරෙහිව සාක්කි දෙනු ඇතැයි කිව හැකිද? මෙහිදී නිමල්කාගේ අරමුණ වූයේ ශ‍්‍රී ලංකා හමුදාවට එරෙහි යුද අපරාධ චෝදනා සනාථ කිරීමට සරත් ෆොන්සේකාව බිල්ලට දීමයි. ඇය මේ ප‍්‍රකාශය කරන අවස්ථාවේ කොටිඩයස්පෝරාව සරත් ෆොන්සේකාට ද යුද අපරාධ චෝදනා එල්ල කර ඇත. මේ අතර රුසියාව විසින් යුක්රේන ආක‍්‍රමණය කිරීම ගැන පැවැති එක්සත් ජාතීන්ගේ සමුළුවේදී ශ‍්‍රී ලංකාව ජන්දය භාවිත කිරීමෙන් වැළකී සිටියේය. මේ ගැන මෙරට හිටපු බි‍්‍රතාන්‍ය මහ කොමසාරිස් ජේම්ස් ඩව්රිස් කම්පාවට පත්වී ඇත. ඡුන්දය නොදීම ගැන ශ‍්‍රී ලංකාවට ආඩම්බර විය හැකි දැයි ඔහු ටුවිටර් පණිවුඩයක් මගින් ශ‍්‍රී ලංකාව අවඥාවට ලක් කර ඇත. එසේම ඉරාකයේ සිදු කළ යුද අපරාධ වසන් කිරීමටත් ඊට වගකිවයුතු හිටපු අගමැති ටෝනි බ්ලේයාර්ට එරෙහිව ක‍්‍රියා නො කිරීම ගැන බි‍්‍රතාන්‍යය ආඩම්බරයට පත් වන්නේද?

කොටි ත‍්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීම සඳහා ප‍්‍රහාරක යුද රථ ලබාදුන්නේ රුසියාවයි. යුක්රේනය අපට කිසිදු ප‍්‍රහාරක අවියක් ලබා දුන්නේ නැත. එසේම පසුගිය වසරේ 46/1 ජිනීවා යෝජනාවට බටහිර රටවල් සමග එකතු වී ශ‍්‍රී ලංකාවට එරෙහිව ඡුන්දය දුන්නේ යුක්රේනය බව අමතක කළ යුතුද?

මේ අතර ශ‍්‍රී ලංකාව සම්බන්ධව සිය වාර්තාව ඉදිරිපත් කරමින් මානව හිමිකම් කොමසාරිස් මිචෙල් බැෂලේ රජය යුද අපරාධකරුවන්ට එරෙහිව කටයුතු නොකර ඔවුන් සමග එක් වී ඇති බවට චෝදනා කළාය. එසේ නම් ඇය මානව හිමිකම් කවුන්සිලය තුළ යුද අපරාධ සිදු කළ රටවල් සමග එක්ව ක‍්‍රියා කරන්නෙ මන්ද ශ‍්‍රී ලංකාවට එරෙහි කෝර් ගෲප් නැමැති කණ්ඩායමේ සිටින බි‍්‍රතාන්‍යය කැනඩාව ජර්මනිය මෝන්ටිනීග්රෝ, මැසිඩෝනියාව සහ මලාවි යන රටවල් යුද අපරාධ කළ බවට චෝදනා එල්ල වී ඇතත් මානව හිමිකම් කොමසාරිස්වරිය එම රටවලට එරෙහිව ක‍්‍රියා කර නොමැත.

මේ අතර මෙවර 49 වැනි සැසිවාරයේදී ශ‍්‍රී ලංකාවට එරෙහිව යෝජනාවක් ඉදිරිපත් නොවේ. මෙයට පෙර සම්මත කළ යෝජනාවේ නිල කාලය ලබන සැප්තැම්බර් මස අවසන් වනු ඇත. එකී යෝජනාව මත සම්මත වූ මෙරට වගකීම පිළිබඳ කාර්යාලයේ කටයුතු ආරම්භ වු වවත් එහි කාලසීමාව ද සැප්තැම්බර් මස අවසන්වේ. එහෙත් සංහිඳියාව වගවීම සහ මානව හිමිකම් පිළිබඳ වාර්තාවක් සැප්තැම්බර් මස ආරම්භ වන 51 වැනි සැසිවාරයට යොමුවේ. එසේම බි‍්‍රතාන්‍යය ප‍්‍රමුඛ රටවල් පහක් ශී‍්‍ර ලංකාවට එරෙහිව නව යෝජනාවක් ඉදිරිපත් කරන බව ජිනීවා ආරංචි මාර්ග හෙළි කරයි. මෙවන් පසුබිමක් මැද කොළඹ ප‍්‍රධාන සාම වෙළෙන්දා වූ ජාතික සාම මණ්ඩලයේ ප‍්‍රධානියා ශී‍්‍ර ලංකාව සම්බන්ධ ජාත්‍යන්තර යාන්ත‍්‍රණය දිගට ම ක‍්‍රියාත්මක වන බව හෙළි කර ඇත. එහෙත් යුද හමුදා ප‍්‍රධානියාට එරෙහි සාක්කි එකතු කිරීමේ යාන්ත‍්‍රණයට ශ‍්‍රී ලංකාව ඉඩ නොදෙන බව විදේශ ලේකම්වරයා ප‍්‍රකාශ කර තිබේ. එසේ වුවත් මානව හිමිකම් කවුන්සිලය සාක්කි එකතු කිරීම ආරම්භ කළේ යහපාලන රජය බලයට පත්වීමත් සමගය. ඊට හොඳම නිදසුන එක්සත් ජාතීන්ගේ හිටපු නිලධාරිනි යස්මින් සුකා අන්තර් ජාලය ඔස්සේ උතුරු පළාත් සභාවේ ඇමැතිවරියක් වූ ආනන්දි සසිතරන්ගේ කාර්යාලය අමතා සාක්ෂි ලබා ගැනීමයි. මිචෙලි බැෂලේගේ සාක්කි එකතු කිරීමේ මෙහෙයුමට ශ‍්‍රී ලංකා රජය ඉඩ නොදෙන බව පැවසූවත් කොළඹ සහ යාපනයේ රාජ්‍ය නොවන සංවිධාන ඔස්සේ සාක්ෂි ලබා ගැනීමට ඇය ක‍්‍රියා කරනු ඇත.

13 ට අනුව බලය බෙදන්න: ජිනීවා සමුළුවේදී ඉන්දියාව කියයි

විදේශ ලේකම් ජයනාත් කොළඹගේ මානව හිමිකම් කොමසාරිස් බැෂලේගේ සාක්කි එකතු කිරීමේ මෙහෙයුම ගැන පැවසූවේ මෙරට අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වීමට ඇයට නොහැකි බවයි. එහෙත් ඊට මඟ පෑදුවේ කොළඹ රාජ්‍ය නොවන සංවිධාන කල්ලියයි. එය තහවුරු වන්නේ පාස්කු ප‍්‍රහාරයද ජාත්‍යන්තරකරණය වීමෙනි.

එසේ වූවත් ඉන්දියාවේ මුම්බායි නගරයට එල්ල වූ ත‍්‍රස්තප‍්‍රහාරය ජාත්‍යන්තරකරණය කිරීමට ඉන්දීය රාජ්‍ය නොවන සංවිධාන ක‍්‍රියා කළේ නැත. මිචෙලි බැෂලේ රටේ සියලූම අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වී ඇතත් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු ඒ ගැන අවධානය යොමු කර නොමැත. ඇය නව ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවට ද මැදිහත් වී තිබේ. පසුගිය මාර්තු 4 වැනිදා ඇය මානව හිමිකම් සමුළුව අමතා මෙලෙස පැවසූවාය.

‘‘ශ‍්‍රී ලාංකික ජනතාවට මානව හිමිකම් පූර්ණ ලෙස භුක්ති විඳීමට සහ සංහිඳියාවට අවශ්‍ය වූ නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් කෙටුපත් කිරීමේ ක‍්‍රියාවලී සඳහා බලය බෙදා හැරීමට ඇතුළත් කරන්න.’’

මේ අන්දමට ඇමෙරිකානු හෝ බි‍්‍රතාන්‍යයේ ඉන්දීය ව්‍යවස්ථා සකස් කිරීමේදී බැෂලේ නිර්දේශ කළාද?

මේ හැර ශ‍්‍රී ලංකාවේ සියලූම පාර්ශ්වයක් විසින් සිදු කරන ලද ජාත්‍යන්තර අපරාධ විමර්ශනය කර නඩු පැවරීමක වින්දිතයන් සහ ඔවුන්ගේ ඒජන්තවරුන් සමග කටයුතු කරන ලෙසත් විශ්වසනීය චෝදනා ඇති අපරාධකරුවන්ට එරෙහිව එල්ල කළ හැකි සම්බාධක පනවන ලෙසද මානව හිමිකම් කොමාසරිස්වරිය ශ‍්‍රී ලංකා රජයට නිර්දේශ කර ඇත.

එහෙත් ඉරාකයේ සහ ඇෆ්ගනිස්තානයේ සිදු කළ යුද අපරාධ ගැන සම්බාධක පනවන ලෙස ඇය බි‍්‍රතාන්‍යය සහ ඇමෙරිකානු රජයට නිර්දේශ කළේ නැත.

මේ පසුබිම මැද ජිනීවා මානව හිමිකම් සමුළුව ඇමතූ ඉන්දීය තානාපති ඉන්ද්‍රමානි පාණ්ඬේ මෙලෙස කියා සිටියේය.

‘‘ ශ‍්‍රී ලංකාවේ රජය 13 වැනි සංශෝධනය ක‍්‍රියාත්මක කළ යුතුයි. එසේම බලය බෙදාහැරිය යුතුයි. ද්‍රවිඩ ජනතාවගේ නිත්‍යානුකූල හිමිකම් ලබාදීමටද රජය පියවර ගත යුතු බව පවසනු කැමැත්තෙමි. එසේම පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතුයි.

ඉන්දීය තානාපතිගේ මෙම ප‍්‍රකාශය ද මෙරට අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වීමක් නොවේද? පළාත් සභා මැතිවරණයක් පැවැත්වීමට රුපියල් මිලියන 500කට අධික මුදලක් වැය වේ. රජය ඩොලර් හිඟකම ද ජනතාව අධික ජීවන වියදමකට මුහුණ පා සිටියදී පළාත් සභා මැතිවරණයක් පැවැත්විය යුතුද?

මේ අතර ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට පැමිණ මැල්කම් රංජිත් හිමිපාණන්් කවුන්සිලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු වූ රෝරි මුන්ගෝවන්ද හමු වී සාකච්ඡා කරනු ලැබීය. ජිනීවා ගිය රජයේ නියෝජිත පිරිස කාදිනල් මානව හිමිකම් කොමසාරිස් මිචෙල් බැෂලේව හමුවීමෙන් පසු ඇයව හමුවීමට අවස්ථාව හිමිවිය. එම සාකච්ඡාවට ඉඩකඩදීම නිසා ජිනීවාහි ශ‍්‍රී ලංකා තානාපතිට සහභාගී වීමට නොහැකි විය. රජයේ නියෝජිත කණ්ඩායම සමග පැවැති සාකච්ඡාවේදී මිචේලි බැෂලේට ශ‍්‍රී ලංකාවට පැමිණෙන ලෙස ද ආණ්ඩුව ඇරයුම් කළේය. එහෙත් ඇය එම ඇරයුමට මෙතෙක් ප‍්‍රතිචාරය දක්වා නැත. මේ තත්ත්වය මැද කොටිඩයස්පෝරාව අන්දමන්ද වූයේ කලින් ජාතික සංවිධාන නියෝජිතයකු ලෙස ජිනීවා පැමිණි චන්න ජයසුමන මෙවර රජයේ දූත මණ්ඩලයට නියෝජිතයකු ලෙස මානව හිමිකම් කවුන්සිලයට පැමිණිමයි.

මේ අතර මෙවර මානව හිමිකම් කවුන්සිලයට පැමිණි ගෝලීය ශ‍්‍රී ලංකා සංසදයේ නිලධාරීන් පිරිසක් මානව හිමිකම් කවුන්සිල ශාලාවට ඇතුළුවීමට ස්වයංක‍්‍රීය පියගැට පෙළ තුළින් ගමන් කරන අවස්ථාවේ කොටිඩයස්පෝරා ඡායාරූප ශිල්පියකු ඔවුන්ව රහසිගත ලෙස ඡායාරූප ගත කරනු අයුරු ශ‍්‍රී ලාංකිකයකුට දැක ගගත හැකි විය.

මේ පසුබිම මැද ස්විස් රජය වසර 32 ක් තිස්සේ එරට වාසය කළ ශ‍්‍රී ලාංකිකයකු ඇතුළු ද්‍රවිඩයන් 16 ක් පුද්ගලික ජෙට් යානාවකින් මෙරටට පිටුවහල් කිරීමේ සිද්ධියක් විශේෂයෙන් හෙළි කිරීමට අපට හැකි වී ඇත. ජෑන්ස් ලියනගේ නැමැති මෙම ශ‍්‍රී ලාංකිකයා සූරිච් නගරයේ යුනිවර්සිටි රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටි අතර රෝහල් බලධාරීන් විසින් මුදාහැර තිබුණි. වකුගඩු රෝගයෙන් පෙළෙමින් සිටි මොහු රෝහලෙන් පිටවන අවස්ථාවේ සිවිල් ඇඳුමින් සැරසී ස්විස් පොලිසිය ඔහුගේ දෑතට මාංචු දමා ගුවන් තොටුපළට ගෙන එනු ලැබීය. ඊට පෙර ඔහුට ප‍්‍රතිකාර කරමින් සිටි සූරිච් රෝහලේ බලධාරීන්ට පවා ඒ බව දැන්වීමට ස්විස් පොලිසිය ක‍්‍රියා කළේ නැත. මෙලෙස ශ‍්‍රී ලංකාවට පිටුවහල් කළ පිරිස අතර ද්‍රවිඩ ළමුන් සිව් දෙනකු ද විය. එම ළමුන් ස්විස් පාසලක ඉගෙනුම ලබන අවස්ථාවේ එහි ගිය පොලිසිය ඔවුන්ව ද අත්අඩංගුවට ගෙන තිබුණි. ජෑන්ස් ලියනගේ ඇතුළු දහසය දෙනා රැගත් යානාවේ පොලිස් නිලධාරීන් 60ක් ද විය. කටුනායක ගුවන් තොටුපළේදී ඔවුන්ව කොළඹ ස්විස් තානාපති කාර්යාලයේ අනාථයන් පිළිබඳ වූ නිලධාරිනී මනෝර් වෙත භාරදීමට ස්විස් පොලිසිය ක‍්‍රියා කෙළ්ය.

13 ට අනුව බලය බෙදන්න: ජිනීවා සමුළුවේදී ඉන්දියාව කියයි

මෙම ශ‍්‍රී ලාංකිකයන් පිරිස අත්අඩංගුවට ගනු ලැබුවේ අපරාධකරුවන් ලෙසිනි. ඔවුන්ගේ මානව හිමිකම් ගැන කිසිදු ස්විස් රාජ්‍ය නොවන සංවිධානයක් හඬ නැඟුවේ නැත. සූරිච් නුවර සිට මෙරට පිටුවහල් කළ පිරිස අතර යාපනයේ පදිංචි ද්‍රවිඩයන් සහ තංගල්ලේ මුස්ලිම් තරුණයකු ද විය. එම ද්‍රවිඩයන් ගුවන් තොටුපළේ දී හඬා වැළපුණ අතර ඔවුන් සතුව තිබූ දුරකථන ද පොලිස් භාරයට ගෙන ඇත. මේ අතර වසර 32 ක් එරට වාසය කළ ශ‍්‍රී ලාංකිකයා රෝහල් බලධාරීන්ට හොරෙන් මෙරටට පිටුවහල් කිරීම මානව හිමිකම් කඩ කිරීමක් නොවේද? ඔහුට එල්ල වී තිබු චෝදනා වූයේ ස්විස් බී බලපත‍්‍රයක් නොතිබීමයි. එහෙත් බී බලපත‍්‍රය අලූත් කර ගැනීමට ඉදිරිපත් කර තිබූ අවස්ථාවේ පිටුවහල් කිරීම සිදුවිය.

මේ අතර කාදිනල් මැල්කම් රංජිත් ජිනීවා නුවර සිට ක‍්‍රියාත්මක වන ප‍්‍රැන්සිස්කන් ඉන්ටර්නැෂනල් සංවිධානය ඔස්සේ මානව හිමිකම් සමුළුව අමතනු ලැබීය. එහිදී ඔහු පැවසුවේ පාස්කු ප‍්‍රහාරය දේශපාලන කුමන්ත‍්‍රණයක් බවයි. එහෙත් මානව හිමිකම් කොමසාරිස්වරියට පාස්කු ප‍්‍රහාරය ගැන මැදිගත් වීමට හිමිකමක් නැත. ඒ ගැන ක‍්‍රියා කළ යුත්තේ ශ‍්‍රී ලංකා ආණ්ඩුවයි.

advertistmentadvertistment
advertistmentadvertistment