46/1 යෝජනාව තරයේ ප්‍රතික්‍ෂේප කරනවා: ප්‍රජාතන්ත්‍රවාදය රැකගෙන ස්ථීරව නැගී සිටීමට ශ්‍රී ලංකාවට පුළුවන්

326

ජිනීවා කවුන්සිලය අමතමින් විදේශ ඇමැති අලි සබ්‍රි කියයි

ආසියාවේ පැරණිතම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් ලෙස රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්‍ෂාකර ගනිමින් ස්ථීරව නැගී සිටීමේ සහ ඔරොත්තු දීමේ හැකියාවක් ශ්‍රී ලංකා ජනතාව සතුව ඇතැයි විදේශ කටයුතු ඇමැති අලි සබ්‍රි මහතා පැවසීය.

විදේශ ඇමැතිවරයා මේ බව පැවසුවේ ඉකුත් 12 වැනිදා ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පැවැති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 51 වැනි සැසිවාරය අමතමිනි.

රටේ ජනතාවගේ මානව හිමිකම් ඉදිරියට ගෙනයෑම සහ සුරක්‍ෂිත කිරීම සඳහා මානව හිමිකම් කවුන්සිලය සමග සහයෝගයෙන් හා සංවාදයෙන් අඛණ්ඩව සම්බන්ධවීමට කැපවන බවත් විදේශ ඇමැතිවරයා සඳහන් කළේය.

එසේම 46/1 වැනි යෝජනාව තරයේ ප්‍රතික්‍ෂේප කළද අපගේ කැපවීමට එකඟව ශ්‍රී ලංකාව සම්බන්ධව සවිස්තරාත්මක ලිඛිත ප්‍රතිචාරය මහකොමසාරිස්වරියගේ වාර්තාව සඳහා ඉදිරිපත්කර ඇතැයි ද පැවසූ විදේශ ඇමැතිවරයා ශ්‍රී ලංකාවේ අදහස් මෙම වාර්තාවට අතිරේකයක් ලෙස තබන මෙන් ඉල්ලා සිටින බවද කියා සිටියේය.

ජනතාව මුහුණ දෙන සමාජ, ආර්ථික දුෂ්කරතා සම්බන්ධයෙන් රජය අතිශයින් සංවේදී වන අතර ප්‍රජාවගේ ජීවිතයට අත්‍යවශ්‍ය සැපයුම් ලබාදීම තුළින් අභියෝගවලට මුහුණ දීම සහ ඔවුන්ගේ යහ පැවැත්ම සහතික කිරීම සඳහා ක්‍ෂණික බහුවිධ ක්‍රියාමාර්ග ආරම්භ කර ඇතැයි ද විදේශ ඇමැතිවරයා පැවසීය.

එහිදී විදේශ කටයුතු ඇමැතිවරයා මෙසේද සඳහන් කළේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවකට පැමිණ ඇත. ණය ප්‍රතිව්‍යුහ ගතකිරීම පිළිබඳව සාකච්ඡා කෙරෙමින් පවතී. අර්බුදයේ අහිතකර බලපෑම්වලින් වඩාත් අවදානමට ලක්විය හැකි අය ආරක්‍ෂා කිරීම සඳහා රජය එක්සත් ජාතීන්ගේ නියෝජිතායතන මෙන්ම ද්විපාර්ශවික හවුල්කරුවන් සමගද සංවාදයක යෙදී සිටී. බහුවිද අභියෝග මැද වුවද තිරසාර සංවර්ධනය සඳහා වූ 203 ට න්‍යාය පත්‍රයේ ඉලක්ක සපුරා ගැනීමට ශ්‍රී ලංකාව උත්සාහ දරනු ඇත

advertistmentadvertistment
advertistmentadvertistment