කෙහෙළිය සීඅයිඩියෙන් මිලියන 100ක වන්දි ඉල්ලයි

111

තමන් අත්අඩංගුවට ගත්තේ නීති විරෝධීව බවත් එසේ කළ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඇතුළු වගඋත්තරකරුවන් ගෙන් රුපියල් මිලියන 100 ක වන්දියක් අයකර දෙන ලෙසත් ඉල්ලා හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෛළිය රඹුක්වැල්ල මහතා ඊයේ (29දා) ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය.

නීතිඥ සනත් විජේවර්ධන මහතා මගින් ගොනු කර තිබූ එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාවින්ද පියසේකර, ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ජයන්ත පයාගල හා නීතිපතිවරයා ඇතුළු පස්දෙනෙකු නම්කර තිබිණි. ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් හා ඖෂධ සෞඛ්‍ය අමාත්‍යාංශයට සැපයීමේ සිද්ධියක් සම්බන්ධයෙන් තමා අත්අඩංගුවට ගෙන ඇත්තේ නීති විරෝධී ආකාරයෙන් බවට නිගමනය කරන ලෙසත් එලෙස අත්අංගුවට ගත් තමාට එරෙහිව පවතින නඩු කටයුතු සඳහා පොදු දේපළ පනත යටතේ ගැනෙන වැරදි සිදුකළ බවට සහතිකයක් අධිකරණයට ඉදිරිපත් කිරීම වළක්වන නියෝගයක් නිකුත්කරන ලෙසත් පෙත්සම්කාර කෙහෙළිය රඹුක්වැල්ල මහතා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment