මෙරට සමාජය තුළ බිම් මට්මේ ආර්ථික පුනර්ජීවනයක් ඇති කිරීම වෙනුවෙන් නිරන්තරයෙන් මඟ පෙන්වන ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ ප්‍රමුඛතම බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව සිය කැපවීම යළි යළිත් තහවුරු කරමින් මෙරට ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් 100 දෙනෙකුට රුපියල් මිලියන 10ක ප්‍රදානයක් ලබා දීමට පසුගියදා කටයුතු කළේය.

අභියෝගයට ලක් වූ සිය ව්‍යාපාර නැවත නගා සිටුවීම වෙනුවෙන් වන HNB හි ‘ඔබ වෙනුවෙන් අපි’ වැඩසටහන යටතේ මෙම ප්‍රදානය සිදු විය.

HNB හි තිරසාර පදනම විසින් ආරම්භ කරන ලද මෙම ප්‍රදානයේ ප්‍රමුඛ අරමුණ වන්නේ ක්ෂුද්‍ර මූල්‍ය ගනුදෙනුකරුවන්ට රු- 100,000ක මූල්‍යමය වශයෙන් අතහිත ලබා දෙමින් ඔවුන්ගේ ව්‍යාපාර වර්ධනය කරමින් ඔවුන් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් බවට පත් කිරීමට අවශ්‍ය සහයෝගය ලබා දීමයි.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ HNB හි කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී ජොනතන් අලස් මහතා සඳහන් කර සිටියේ “මෙතෙක් අත්නොදුටු අභියෝගයවලින් පිරි වසරක් තුළ ව්‍යාපාර ආරම්භ කිරීමට යම් ප්‍රාග්ධනයක් බලාපොරොත්තුවෙන් සිටින ව්‍යවසායකයින්ට ඔවුන්ගේ ව්‍යාපාර යළි ආරම්භ කිරීමට මෙම වැඩසටහන තුළින් ශක්තිමත් දායකත්වයක් ලබා දෙනවා. දශක ගණනාවක් තිස්සේ මෙරට ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් නගා සිටුවීම වෙනුවෙන් කැපවී කටයුතු කළ අප ඔවුන් වෙත මූල්‍ය ආධාර ලබා දීම මෙන්ම ඔවුන්ගේ මූල්‍ය සාක්ෂරතාව ඉහළ නැංවීම වැදගත් බව මනාව හඳුනා ගනිමින් මෙම සුවිශේෂී ප්‍රදානය සිදු කළා. ඔවුන්ගේ ව්‍යාපාර යළි ආරම්භ කරමින් තනිව නැගී සිටිය හැකි තත්වයට පත් වීම සඳහා මෙම ප්‍රදානය ඉතා ප්‍රවේශමෙන් යොදා ගනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා.” යනුවෙනි.

HNB රාගම ක්ෂුද්‍ර මූල්‍ය ගනුදෙනුකරුවෙකු වන නිශාන්ත ප්‍රනාන්දු මහතා විසින් HNB නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී නීතිය/අධ්‍යක්ෂ මණ්ඩල ලේකම්, තුෂාරි රණවීර මහත්මිය අතින් චෙක්පත ලබා ගනිමින්. (වමේ සිට) HNB හි තිරසාර ව්‍යාපාර විධායක ශනෙල් පෙරේරා, HNB සහකාර සාමාන්‍යාධිකාරී.

උපායමාර්ගික ප්‍රියංකා විජේරත්න, HNB නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිනී තිරසාර හා ආයතනික සන්නිවේදන එල්. චිරන්ති කුරේ, HNB නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී SME හා ක්ෂුද්‍ර මූල්‍ය රජිව් දිසානායක සහ HNB ක්ෂුද්‍ර මූල්‍ය ප්‍රධානී විනෝද් ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන් ඡායාරූපයේ වේ.

advertistmentadvertistment
advertistmentadvertistment