මාස දෙකේ බිළිදා මව්කිරි හිරවී මියයයි

334

මව්කිරි උගුරේ හිර වී යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කළ මාස දෙකක බිළිදෙකු 17 දා මියගොස් තිබේ.

යාපනයේ අරාලි දකුණ ප‍්‍රදේශයේ කාන්තාවක් සිය නිවසේ සිට දරුවාට කිරි දෙමින් සිටියදී දරුවා එක්වරම ක්ලාන්ත වී තිබේ.

පසුව වහාම එම දරුවා යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කරන ලද නමුත් එම බිළිදා මියගොස් තිබේ.

යාපනය පොලිසිය සිද්ධිය පිළිබ`ද පරීක්ෂණ පවත්වා ගෙන යයි.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment