සිනමා, ටෙලි නිළි සමන්තා ඈපාසිංහ කොවිඞ් ආසාදිතව මියයයි

1304

ජනප‍්‍රිය සිනමා හා ටෙලිනාට්‍ය නිළියක වූ සමන්තා ඈපාසිංහ කොවිඞ් ආසාදිතව ඊයේ (03දා) අභාවප‍්‍රාප්ත වූවාය.

 පන්නිපිටිය ධර්මපාල විiාලයේ ඉගෙනුම ලැබූ සමන්තා දයාසේන ලියනගේ ගේ මුහුද මුද්‍රා නාට්‍යයෙන් රංගන දිවිය ආරම්භ කළ අතර ලූෂන් බුලත්සිංහල හා බන්දුල විතානගේ ආදීන් විසින් ඇය පුංචි තිරයට එක් කළහ. මවකගේ හීනය, අසල්වැසියන්ගේ සෙනෙහෙබර ඩොලී, නොමරෙන මිනිස්සු, යතුරු ලේඛිකාවක් වැනි ටෙලි නාට්‍ය ගණනාවක රඟපෑ සමන්තා වලව්වේ හාමු, කෙළිමඬල, රජෙක් වගේ පුතෙක්, සයනයේ සිහිනය, විජය ගීතා, තුන්වෙනි ඇහැ, ලොකු දුව, ඇයි ඔබ තනිවෙලා ඇතුළු චිත‍්‍රපට ගණනාවක ද රඟපෑවාය. 1993 සරසවි සම්මාන උළෙලේදී නැගී එන නිළියට හිමි සම්මානය ද ඇය හිමිකර ගත්තාය.

 මියයන විට 54 වෙනි වියේ පසු වූ සමන්තා කොවිඞ් ආසාදිතව හොරණ රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබේ. ඇගේ අවසන් කටයුතු ඊයේම සිදුකිරීමට නියමිතව තිබිණි.

advertistmentadvertistment
advertistmentadvertistment