අධිකරණය අලි පොත ඉල්ලයි

177


අලි ඇතුන් ලියාපදිංචි කිරීමේ ලේඛනය හෙවත් ,අලි පොත, අධිකරණයට ඉදිරිපත්කරන ලෙස අභියාචනාධිකරණය විසින් කොළඹ මහාධිකරණය රෙජිස්ට්‍රාර්වරයාට අද නියෝග කළේය.

ඇතුන් ලියාපදිංචි කිරීම සඳහා රජය විසින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය බලරහිත කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සම් කැඳවනු ලැබූ අවස්ථාවේදී ඉදිරිපත්වූ කරුණු සලකා බැලූ විනිසුරුවරුන් විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබීය.

පරිසර යුක්ති කේන්ද්‍රය ඇතුළු පාර්ශව කිහිපයක් විසින් ඉදිරිපත් කළ අදාළ පෙත්සම් සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරුවරුන් ඉදිරියේ දී කැඳවනු ලැබිණී.

එහිදී ඉදිරිපත්වූ කරුණු සලකා බැලූ අභියාචනාධිකරණය විනිසුරු මඩුල්ල අලි ඇතුන් ලියාපදිංචි කිරීමේ ක්‍රමවේදය පරික්ෂා කිරීම සඳහා අලි පොත පරීක්ෂා කිරීම අවශ්‍ය බවට නිගමනය කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment