අනුරාධපුර සාම විහාරයේ සිටි පාසල් දරුවා පැහැරගෙන

515

අනුරාධපුර සාම විහාර විහාරස්ථානයේ තාවකාලිකව නාවාතැන් ගෙන සිටි බාලවස්කාර පාසල් සිසුවකු පැහැරගෙන ගිය බවට සැකකරනා විහාරස්ථානයට ආ ගිය කම්කරුවකු අත්අඩංගුවට ගැනීම සදහා අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශය (23දා) උදෑසන විශේෂ පරික්ෂණයක් ආරම්භ කර තිබේ.

අනුරාධපුර තුන්වන පියවර ජයසිරිපුර ලිපිනයේ පදිංචි 12 හැවරදි බාලවයස්කරුගේ මව වන එන්.ටී.එම් නදිෂා උපමාලි මහත්මිය විසින් ළමා හා කාන්තා කාර්යංශයට පසුගිය 22දා රාත‍්‍රීයේ කළ පැමිණිල්ලකට අනුව පරික්ෂණ ආරම්භ කර තිබෙනා බව පොලිසිය පැවසීය.

අතුරුදන්ව ඇති බවට සැකකරනා සිසුවා මාස දෙකක පමණ කාලයක සිට සාමවිහාර විහාරස්ථානයේ වැඩ සිටිනා සිය මාමා (මවගේ මල්ලි* වන හිමිනම සමග සිට ඇති බවත් අතුරු දන්වූ සිසුවාගේ බාල සහෝදරයාත් එම විහාරස්ථානයේම මාස දෙකක කාලයක් සිට ඇති බව පොලිසිය පවසයි.

සිසුන් දෙදෙනාට පාසල් නිවාඩු ලැබි තිබීම හා පවුලේ අගහිගකම් නිසා හිමිනම ඔවුන් විහාරස්ථානයේ රදවා ගෙන සිටි ඔවුන් රැුකබලාගෙන ඇති බව පොලිසිය පවසයි.සිද්ධිය සිදුවීමට දින කිහිපයකට ඉහත සිට විහාරස්ථාන භූමිය ශුද්ධ පවිත‍්‍ර කිරීමට පුද්ගලයෙකු පැමිණ තිබෙනා බවත් අතුරුදන්වු සිසුවා සමග ඔහු හිතවත් කමක් ඇති කර තිබෙනා බව පොලිසිය පවසයි.

එම විහාරස්ථානයේ විහාරාධිපති හිමියන් ඉන්දියාවේ ගොස් මෙරටට පැමිණිම නිසා උන්වහන්සේව විහාරස්ථානයට රැුගෙන ගෙන ඒ්මට සිද්ධිය වූ දිනයේ විහාරවාසිව සිටිනා සිසුන්ගේ මාමා වන හිමිනම කටුනායක ගුවන් තොටුපලට ගොස් ඇති බව පොලිසිය සිදුකළ පරික්ෂණ වලදි අනාවරණයවී තිබුණි.

සිද්ධියට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගැනීමට පරික්ෂණ සිදුකරනා ළමා හා කාන්තා කාර්යංශය පවසන්නේ ඔහු කිසියම් ප‍්‍රදේශයකට දරුවා රැුගෙන ගොස් සැගවි සිටිනා බවට සැකකරනා බවයි.සැකකරු සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්ථා කර ඉදිරි විමර්ශන සිදුකරනා බව පොලිසිය පවසයි.

අනුරාධපුර මූලස්ථාන පොලිසියේ වැඩ බලන ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරික්ෂක චන්ද්‍ර සේකර මහතාගේ උපදෙස් මත ළමා හා කාන්තා කාර්යංශයේ වැඩ බලන ස්ථනාධිපති පොලිස් පරික්ෂක බස්නායක මහතා ඇතුළු පිරිසක් සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ සිදුකරති.

මිහින්තලේ – රංග චතූ
 

advertistmentadvertistment
advertistmentadvertistment