අපේක්ෂා රෝහලට දවසකට රෝගීන් 2000ක් විතර එනවා – රෝහලේ අධ්‍යක්ෂ අරුණ ශාන්ත

85

ළමා පිළිකා රෝගීන් සුවවීමේ ප්‍රතිශයට 80%ක්

මහරගම අපේක්ෂා රෝහලට දෛනිකව බාහිර සහ සායන සඳහා 2000ක පමණ පිරිසක් පැමිණෙන බවත් 1000ක පමණ පිරිසක් නේවාසිකව ප්‍රතිකාර ලබන බවත් අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂ අරුණ ශාන්ත මහතා පැවසීය.

ලෝකය පුරා මෙන්ම අප රටේ ද පිළිකා රෝගීන් වාර්තා වීමේ වැඩිවීමක් දක්නට ලැබෙන බවත් දිවයිනේ රෝහල් රැසක පිළිකා ප්‍රතිකාර ඒකක පවතින නිසා මහරගම අපේක්ෂා රෝහලට රෝගීන් පැමිණීම යම් අඩුවක් පවතින බවත් ඒ මහතා කීය.

දෛනික පිළිකා රෝගීන් 1000ක් වාර්තා වන බවට පසුගියදා දිවයින පුවත්පතේ තිබූ වාර්තාව දෛනිකව නේවාසික ප්‍රතිකාර ලබන 1000ක් ලෙස නිවැරදි විය යුතු යැයි ද ඒ මහතා කීය.

පිළිකා රෝගීන් වාර්තා වන රටවල් අතර රෝගය සුව වීමේ වැඩි ප්‍රවණතාවක් ශ්‍රී ලංකාව තුළ පවතින බවත් පිළිකා මුල් අවස්ථාවේදී හඳුනා ගැනීමෙන් පසු එය සුව කිරීමට හැකි බවත් ඒ මහතා කීය.

ළමා පිළිකා රෝගීන් සුව වීමේ ප්‍රතිශතය සියයට 75ක් 80ත් අතර පවතින බවත් ඒ මහතා කීය.

පිළිකා සෑදීම සඳහා පාරිසරික හේතු, බුලත්විට කෑම, දුම්පානය, මත්පැන් අධික ලෙස භාවිතය ඇතුළු තවත් නොයෙකුත් හේතු රැසක් බලපාන බවත් කී ඒ මහතා පිළිකාවක් බවට හඳුනාගත් මුල් අවස්ථාවේම ප්‍රතිකාර සඳහා යොමුවීමෙන් එය සුව කරගත හැකි බවත් පැවසීය. රෝගය හඳුනා ගැනීම ප්‍රමාද වීම, හඳුනාගෙන ප්‍රතිකාර කිරීම ප්‍රමාද වීම වැනි කරුණු නිසා රෝගීන් අපහසුතාවයට පත්වන බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment