අයහපත් කාලගුණය බුලත්සිංහල පාසල් තුනක් වසා දමයි

209

ඊයේ (08 දා) දින සිට නැවත දැනුම් දෙන තුරු බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කළු/පරගොඩ කනිෂ්ඨ විද්‍යාලය, කළු/ඉහළ වෙල්ගම කනිෂ්ඨ විද්‍යාලය, කළු/මෝල්කාව මහා විද්‍යාලය යන පාසල් තුන පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් වසාදමා ඇත.

කුකුලේගග ජලවිදුලි බලාගාරයේ ජලධාරිතාවය පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් ඉහළ යාම නිසා මේ වනවිට බලාගාරයේ දොරටු දෙකක් විවෘත කිරීම හේතුවෙන් මාර්ග රැසක් යටවීමෙන් ගමනාගමන අපහසුතා ඇතිව ඇත.
මතුගම විශේෂ – අනුර ජයසේකර

advertistmentadvertistment
advertistmentadvertistment