අයිඑම්එෆ් නියෝජිතයෝ විපක්ෂ නායක ඇතුළු පිරිසක් හමුවෙති

49

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් පිරිසක් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර හමුවක් ඊයේ (25දා) විපක්ෂ නායක කාර්යාලයේදී සිදු විය.

එහිදී දෙපාර්ශ්වය අතර මෙරට ආර්ථික, සමාජීය, දේශපාලන කාරණා රැසක් සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් අදහස් හුවමාරු කරගැනීම සිදු වූ අතර වත්මන් රජය විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා එළැඹ ඇති ගිවිසුම සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා විණ. රජය දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම හරහා මෙරට වැඩ කරන ජනතාවගේ සේවක අර්ථ සාධක අරමුදලට සිදුකර ඇති බලපෑම සම්බන්ධයෙන්ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැමිණ සිටි පිරිස දැනුවත් කර සිටියේය. එසේම සමගි ජන බලවේගය බලයට පත් වූ විගස මෙම ගිවිසුම සම්බන්ධයෙන් නැවත සලකා බලා ජනතාවට හිතැති ගිවිසුමකට එළැඹ ඒතුළින් රට ගොඩගැනීමේ ක්‍රමෝපායන් සම්බන්ධයෙන් අවධානය යොමු කරන බවද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී පැවසීය.

මෙම අවස්ථාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නියෝජනය කළ පිරිසට අමතරව ආචාර්ය හර්ෂ ද සිල්වා, කබීර් හෂීම්, මහාචාර්ය ජී.එල්. පීරිස්, වේලු‍කුමාර සහ හර්ෂණ රාජකරුණා යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද එක්ව සිටියහ.

advertistmentadvertistment
advertistmentadvertistment